IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අයවැය ගැන සෑහීමකට පත් වන්නේ නෑ

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අතුරු අයවැය පිළිබඳ සෑහීමකට පත් වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන්  පිටදී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් කීය.

ශ්‍රී ලංකාවේ අසරණ භාවයට පත්ව සිටින පවුල් පිළිබඳ යුනිසෙෆ් සංවිධාන සංඛ්‍යා ලේඛන සහ අයවැය සංඛ්‍යා ලේඛන අතර පරස්පරතාවක් තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.

අයවැය පිළිබඳ අදහස් දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා:-

අසරණ භාවයට පත්වුණු ජනතාවගේ ගණන අයවැය කතාවේදී හෙළිදරව් කළා. අපිට නම් ඒ පිළිබදව එකඟ වෙන්න බැහැ. මොකද යුනිසෙෆ් වාර්ථාව කියෙව්වොත් ඒ වාර්ථාවේ සඳහන් වෙලා තිබෙනවා මව්වරුන්, දරුවන් දැරියන් කොපමණ අනාරක්ෂිත භාවට පත්වෙලා තිබෙනවාද කියලා. ඒ සංඛ්‍යාලේඛන  පහත දමලා පවුල්  61,000ක් ව්‍යසනයට  පත්වෙලා ඉන්න බව අයවැයෙන්  කියනවා.දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා.රටෙි විශාල පරිමාණයක් අසහනයට පීඩනයට, අසරණ භාවට පත්වෙලා තිබෙනවා. රජයක් උපයන මුදල මීට වැඩිය ඵලදායීව රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කැපකළ යුතු බවට අප විශ්වාස කරනවා.ඒ නිසා අපි නම් මේ අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ.



අදහස් (6)

අයවැය ගැන සෑහීමකට පත් වන්නේ නෑ

ganegoda Tuesday, 30 August 2022 05:31 PM

අයවැය..? ශ්‍රී ලංකාව ළමාමන්ද පෝෂණයෙන් ලෝකයේ 6 වැනි ස්ථානයට...! අයවැය සකස් කිරීමේදී මේ ගැන කල්පනා වුණාද?

:       0       0

Saththaya Tuesday, 30 August 2022 06:15 PM

සෑහීමකට පත්වෙන්නේ මෙයා ජනාධිපති වුණාම... අපි ජීවත් වෙලා ඉඳියිද දන්නේ නැහැ. හාමතේ මියගිහින්...

:       0       1

කිරි පුතා Tuesday, 30 August 2022 06:21 PM

මෙයා සෑහෙන්නෙ එයා ජනාධිපති වුණාම. ඒක ඉතින් එළි නොවන සිහිනයක්.

:       1       0

chandima Wednesday, 31 August 2022 02:01 AM

දැන් වයසයිනේ.. ඒකයි..

:       0       0

චන්දන Wednesday, 31 August 2022 06:48 AM

මේ පුතා කියන කතා ගැන මීට පස්සේ කොමෙන්ට් නොදා ඉඳිමු. මොකද ඊළඟ ඡන්දෙදී මෙයාට යන එන මං නැති වෙනවා. ඒ වගේම දැනට වුණත් මෙයාට විපක්ෂ නායකකම දීපු එක වැරැද්දක්. බුද්ධිමත් අය පාර්ලිමේන්තු යවන්න ඕනෑ කියන්නේ මෙන්න මෙයාලා වගේ අය නිසා...

:       0       2

ජයලත් Wednesday, 31 August 2022 07:03 AM

ඕක ඉතින් සාමාන්‍ය දෙයක්.. රජය කරන කිසිම දෙයක් විපක්ෂය අනුමත කරන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site