
(බන්දු තඹවිට)
මල්ලී විසින් තම අයියාට පිහියෙන් ඇන අනතුරුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියකට පැන දිවි නසාගෙන ඇති බවත් එම සිදුවීම පිළිබඳව පරීක්ෂණය සිදු කිරීමේදී ඔවුන් දෙදෙනාගේ මවද නිවසේ ඇඳක් යට මිය ගොස් සිටිනු සොයා ගත් බවත් මතුගම පොලිසිය පවසයි.
මතුගම පොලිස් වසමේ නවුත්තුඩුව අලුත්ගම්ගොඩ ප්‍රදේශයෙන් පසුගිය 27 වනදා රාත්‍රී 11.00 ට පමණ මෙම සිදුවීම වාර්තාවී ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 39/4 කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාම පිළිබඳව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකල පරීක්ෂණයෙදී මේ බව හෙළිවී ඇත.
රිය අනතුරට ලක්වූ පුද්ගලයා අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයකට පැනීම නිසා සිදුවූ අනතුරෙන් මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ නවුත්තුඩුව ,අලුත්ගම්ගොඩ ,පදිංචි ගම්මන්පිල ඉමිටියාගේ උපුල් කුමාර නමැති 35 හැවිරිදි අයෙකි.
මෙම මියගිය පුද්ගලයා විසින් නිවස තුලදීම පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාව අසල්වැසියන් විසින් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුව ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ රඳවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසන අතර ගම්මන්පිල ඉමිටියාගේ ගයාන් පුෂ්පික නමැති 37 හැවිරිදි අයෙකු මෙසේ තුවාල ලබා ඇත..
අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය පුද්ගලයා සතුව තිබු හැඳුනුම් පත අනුව පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී එම දෙදෙනාගේ මව නිවසේ ඇඳක් යට මියගොස් සිටියදී සොයාගෙන ඇත. යට්ටෝවිට විතානගේ ගුණවතී හෙවත් රමණි නමැති 58 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.
මෙම මරණ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබු අතර මතුගම මුලස්ථාන පොලිස් පරීක්‍ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලයේ අපි හැමෝටම අමාරු කාළයක්.. ඒක නිසා බඩට දෙයක් දාගෙන අනික් දේවල් පස්සේ නොගිහින් ඉන්න තරමට ඇගට ගුණයි. අනිවාර්යයෙන් ඉඩම් ප්‍රශ්නයක් වෙන්න ඇති... අපරාදේ ජීවිත...
අනේ මම දන්නේ නැහැ. ඔලුවෙ කැක්කුමයි මෙවට...
ගම්මන්පිල ලිව්වම මම හිතුවේ වෙන ගම්මන්පිල කෙනෙක් කියලා.
ඉතාම අවාසනාවන්ත සිදුවීමක්... අප සමාජය මොනතරම් අගාදයකට වැටි ඇද්ද යන්න මෙයත් හොද උදාහරණයකි.. පව් ඒ අහිංසක අම්මා සහ දරුවන්....
අපේ සිංහලේ...
අපි හදමු හන්දියක් හන්දියක් ගානේ බුදු පිලිම ,කියමු පිරිත් .