(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හම්බන්තොට බැල්ලගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකු බාල වයස්කාර සහෝදරයන් තිදෙනකුට කසිප්පු පොවා ඇතැයි හම්බන්තොට වරාය පොලීසිය කියයි.
සැකකරුගේ නිවෙස ආසන්නයේ දරු තිදෙනකුට සැකකරු මෙසේ කසිප්පු පොවා ඇත.
දරු තිදෙනා සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ මෙවැන්නක් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මොහු මේ වන විට ප්‍රදේශය අතහැර පලා පලා ගොස් සැඟව සිටින බව පොලීසිය සඳහන් කරයි. මොවුන් වයස අවුරුදු 15 - 13 සහ 11 යන වයසේ පසුවන සහෝදරයන් තිදෙනෙකි. මොවුන් තිදෙනා පාසල් සිසුන් යයි පොලීසිය කියයි.
දරුවන් තිදෙනා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා පියා දරුවන් ගැන විපරම් කර බලා අවස්ථාවේ ඔවුන් නිවස ආසන්නයේ වෙරි මරගාතේ වැටී සිටියදී සොයාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
වැඩිමල් දරුවාගෙන් පියා මේ ගැන කරුණු විමසීමේදී රනා වීදුරු තුනකට දමාබීමට දුන් බව පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි දරුවන් තිදෙනා කැටිව මව පොලිසියට පැමිණ මේ ගැන පැමිණිල්ලක් කරනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd