(රංජන් කස්තුරි)
ඉදිරි අය - වැය ලේඛනයෙන් සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 43200ක් ද අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි 50400ක්ද වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මීට අමතරව ආරක්ෂක වියදම් සඳහා රුපියල් කෝටි 36700ක් ඇස්තමේන්තුකර ඇතැයි ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියයි.
සමෘද්ධි, මහජන ආධාර ආදිය ලබාදීම වෙනුවෙන් හෙවත් සමාජ ආරක්ෂණය වෙනුවෙන් රුපියල් කෝටි 57200ක් 2023 අය වැය ලේඛනයෙන් වෙන්කර තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය ආදායම සියයට 8.5 සිට සියයට 13 දක්වා වර්ධනය කර ගැනීමටත් රාජ්‍ය ආදායමෙන් සියයට 90ක්ම බදු ආදායම ලබා ගැනීමටත් අය වැයෙන් යෝජනා කෙරෙන බව ද ඇමැතිවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ පවතින සියයට -8ක ආර්ථික වර්ධනය ඉදිරියේදී සියයට -3 දක්වා ඉහළ නංවා ගැනීමට අපෙක්ෂා කරන බව ද හෙතෙම කීවේය.2023 අය වැය ලේඛණයෙන් එම වසරේ රජයේ සමස්ත විදයම රුපියල් කෝටි 788500ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බව ද සියඹලාපිටිය මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් අධ්‍යාපනය පිනට දෙන්න එපා. එහෙම දීපු කාලය ගියා. 1956 ඉංග්‍රීසි බාධකය ඉවත් කල නිසා රජයේ රැකියාවලට විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙච්ච ගොයියන්ගේ මුනුබුරාළ දැන් කියනවා ඒකාලේ රට සිංහල කරපු එක ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුම නැතිකළා කියලා. ඒවගේ දැන් පිනට ඉගෙනගෙන රැකියාවල් කරන අයගේ මුනුබුරාළ ඉදිරියේදී කියයි පිනට අධ්‍යාපනය දීපු නිසයි දැන් අපිට රැකියාවක් ගන්න බැරි තරමට වැඩ බැරි උපාධිකාරයො රටේ ඉන්නේ කියලා