
(ඩයනා උදයංගනී)
සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.
හරිත ආර්ථිකය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇතැයි ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
එහිදී “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව ද ජනාධිපති ලේකම්වරයා පී.බී ජයසුන්දර මහතා කීවේය.
පී.බී ජයසුන්දර මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (2) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“ඉදිරි අය වැය සහ රටේ ආර්ථික තත්ත්වය” යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. රටේ ආදායම් උත්පාදනය සඳහා භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන පරිමාව ඉහළ නැංවිය යුතු බව කී ජනාධිපති ලේකම්වරයා එබැවින් භාණ්ඩ හා සේවාවල පරිමාව නැංවිය හැකි ආදායම් ප්‍රතිපත්ති මෙවර අය වැයට ඇතුළත් වනු ඇතැයි ද පැවසීය.
ග්‍රාමීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීම හා ඒ සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇතැයි කී ජයසුන්දර මහතා දේශීය ව්‍යාපාරිකයන්ට, නව ආයෝජකයන්ට මෙන්ම සංචාරකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය විය යුතු බවත්, එමගින් නව ආයෝජන අවස්ථා රටට උදා වන බවත් සඳහන් කළේය.
මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙහිදී පැවසුවේ රට සාමාන්‍යකරණය වීමත් සමග නව ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
දිගින් දිගටම අය වැය පරතරය ඉහළ අගයක් ගැනීම රටකට හිතකර තත්ත්වයක් නොවන බවත් මෙවර අය වැයේදී එම පරතරය අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නේ නියම කෙනෙක් තමයි
රජයේ කිසිම තනතුරක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දීලා තිබුණත් අද ජනාධිපති ලේකම්..!
මේ කියන්නේ මෙලෝ වැඩකට නැති දේවල් ටිකකට මුදල් යොදවනවා කියලා. මිනිස්සුන්ට කන්ඩ නැහැ, රටේ වගා කරන්ඩ පෝර නැහැ. පෝර ගේන්ඩ සල්ලි නැහැ. රටට සල්ලි ගේන ඇගලුම් වගේ ඒවාට අමුද්‍රව්‍ය ගේන්ඩ සල්ලි නැහැ. රටට විනිමය ගේන වාණිජ භෝග වලට උවමනා පෝර ගේන්ඩ සල්ලි නැහැ. හැබැයි කිසිම සැලැස්මක් නැති දැක්මක් නැති බොරු වචන ටිකක් පෙන්නලා ලොකු උන්ට ඇති පදමට ගහගන්ඩ හදන අයවැයක් කියලනේ කියන්නේ…
මභජනයාගේ සාක්කුවට විදින එක තව වැඩිකරගන්න අයවැය ගෙන එනවා ෂුවර්. බැසිල් උන්නැහැ කිව්වනේ සහන දෙන්නෙ නෑ මහජනතාවට බර දානව කියල. බලමු මහජනතාව කොතරම් ඉවසයිද කියල මේ විනාශය. පොහොර කථාවට එහා යනව නියතයි.
දයාබර වෛද්‍යතුමනි, ඔබ වත්මන් රජයට කඩේ යනවද ???
අය වැයේ පාට ?හරියටම පාට කියන කෙනාට සීනි කිලෝ එකක් ,හාල් කිලෝ 5 ක් සහ සිමෙන්ති මිටියක් දිනා ගැනීමට අවස්ථාවක්
“සෞභාග්‍යයේ දැක්ම”... හක ...හක... හක...
ඇයි මෙහෙම මිනිස්සු රවට්ටන්න හදන්නේ..? මුදල් ඇමැති කියනවා ජනතාවට මොකුත් දෙන්න බෑ... ජනතාවගෙන් ගන්න තමයි වෙන්නේ කියලා... බයියො නම් කියයි සර් පාස් කියලා...
සුබපැතුම් මැතිතුමනි...!!!
ඉතාම සතුටුයි... අපේ රට ඉස්සරහට යනවා දකිනකොට.. සුබ පැතුම්...!!!