(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අය-වැය විවේචනය කිරීමෙන් සහ අයවැයට විරුද්ධව ජනතාව උසි ගැන්වීමෙන් මේ රටට කිසිම පලක් ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ  විවාදයේදීය.

කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් හොඳ තල්ලුවක්දී ඇතැයි සඳහන් කළ හිටපු ජනපතිවරයා කුමන ආර්ථික තත්වය යටතේ වුවත් රටේ සම්පත් විකිණීම තම පක්ෂයේ  ප්‍රතිපත්තිය නොවන බවද  ප්‍රකාශ කළේය.