IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අයි.පි. කට මිරිකා කොස්තාපල්ට ගහලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ දකුණ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක වැඩබලන පොලිස් ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  පහර දුන් බව කියමින්  පොලිස් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පහරකෑමට ලක්වූ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයාගේ හකු ප්‍රදේශය මීට පෙර ප්ලාස්ටික් ශල්‍ය කර්මයකට කර්මයකට ද ලක් කර තිබෙන අයෙක් යැයි පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

වැඩබලන මෙම පොලිස් ස්ථානාධිපතිවරයා මෙම කොස්තාපල්වරයාගේ කට වැරෙන් මිරිකාගෙන සිට පහරදීමක් සිදුකර ඇතැයි ද එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

පහර දීම සිදු කළේ යැයි කියන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට පෙර වෙනත් පොලිස් ස්ථානයක රාජකාරි කරමින් සිටියදී පුද්ගලයකුට පහර දීමක් සිදු කළබව කියමින් කාලයක් වැඩ තහනම් කර සිටි අයෙක් බවද එම උසස් පොලිස් නිලධාරියා කීය

 



අදහස් (7)

අයි.පි. කට මිරිකා කොස්තාපල්ට ගහලා

Perera Friday, 09 December 2022 10:26 PM

මේ වෘත්තීය පොලිස් නිලධාරීන් නෙවෙයි. යුනිෆෝම් පැලඳගත් දාමරිකයන්.

:       0       10

anu Saturday, 10 December 2022 06:36 AM

ආ.... ඕක සුලු දෙයක් නේ්... කව්ද දන්නේ.. අයි පී මහත්තයා කොස්තාපල්ව කො⁣හේට හරි ස්ථානගත කරන්න හැදුවද කියලා. පොලිස් කොමිෂන් එකත් ඒවට අනුමැතිය දීලනේ, තවත් මොනවටද ආයිබෝවන්ට.........

:       0       5

චන්දන Saturday, 10 December 2022 06:49 AM

ආ...ඒක ගනන් ගන්න එපා . ස්ථාන ගත කරන්න යි එහෙම කලේ.

:       0       4

sam Saturday, 10 December 2022 07:05 AM

මේක ස්වාධින පොලිස් කොමිසමට පැමිණිලි කලොත් වැඩක් වෙයිද.?

:       1       4

රටවැසියෙක් Saturday, 10 December 2022 07:26 AM

පොලිස් නිලධාරීන් ගේ විනය නම් අන්තිමයි. මේ අයට දෙන පුහුණුව ගැන නැවත සැලකිලිමත් වෙන්න වෙනවා. පොලිසියට බඳවා ගන්නේ (විශේෂයෙන් නිලධාරීන් ) උගත් වැදගත් පිරිස්. නමුත් දැන් එන්න එන්න ම නිලධාරීන් ගේ හැසිරීම ඉතා පහත් තත්වයට වැටිලා. මේ අය දැන් පොලිස් පතිතුමාටත් ඉහලින් වගේ ඉන්නේ. අර පොලිස් කාන්තාවන්ට කරදර කරපු නිලධාරී මහතාට දඬුවම් දුන්නද?

:       0       4

ruwan Saturday, 10 December 2022 09:48 AM

එයාව අස්කරලා දාන්න. ඔය වගේ අය තියාගන්න එපා.

:       0       5

Rexi Saturday, 10 December 2022 03:17 PM

කට මිරිකලා නෙමේ, කෙළ තිබිලා පිහලා. ඒකට තමයි දඬුවම් කරලා තියෙන්නේ, පොලිසියේ කමිෂන් එක එහෙම කියයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site