IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව "2025 අයවැය" ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් කොසැක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ තෙවැනි සමාලෝචනය විධායක කමිටු අනුමැතිය සඳහා ඉදිරි සති කීපයේදී ඉදිරිපත් කරනු ඇති බවත් විධායක කමිටු අනුමැතිය ලැබීමෙන් පසු සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්ය.

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර දී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය.

2024 වසරේ තෙවැනි සහ සිව්වැනි කාර්තුවල සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගෙන තිබෙන බවද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

එසේම සිව්වැනි කාර්තුවේදී ඉලක්ක කළ උද්ධමන මට්ටමට වඩා අඩු මට්ටමක් පහසුවෙන් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය.

පසුගිය වසරේදී මෙරට නිල සංචිත ඩොලර් බිලියන 6.1 දක්වා වැඩි වී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.

 



අදහස් (1)

අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333

Nayana Sunday, 09 February 2025 12:10 AM

ඇමෙරිකානු බුවාලා... ඇමෙරිකානු ව්‍යාප්තවාදය, ඇමෙරිකානු කොළණිය. කාටද මේ වචන මතක?

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 489 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17057 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 680 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site