
(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ තමන් කටයුතු නොකරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
ආණ්ඩුවේ රැදී සිටීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තමන්ට ඉල්ලා අස්විමේ ලිපිය ලිවීමට ගත වන්නේ විනාඩියක කාලයක් පමණක් බව ද සඳහන් කළේය.
ජලසම්පාදන අමාත්‍යවරයා තවමත් තමන් බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ තමන් අමාත්‍ය ධූරය දරණ තෙක් ජල ගාස්තු ඉහළ දැමීමට ඉඩ නොතබන බවත්ය.
ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11හේ නායකයන් දැන් පවත්වන විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරිපත් කරන්නකෝ මහ ලොකු ආර්ථික විසඳුම් උන්නැහේගේ දර්ශනය මොකද්ද කියලා...? උන්නැහේටවත් තේරෙනවද දන්නෑ...!
ඔබතුමාගේ වයස බැලුවාම අපිට තේරෙනවා ඔබට මේ රට වටින්නේ තව අවුරුද්දකට, දෙකකට බව.. ඒ වුණාට අපිට තව කාලයක් මේකෙ ඉන්න ඕනෑ.. මේක විනාශ නොකර තොලොංචි වෙලා යන්නකෝ...!
කිසිම ඵලක් නැහැ. ජීවිතයේ කවදාවත්ම රටට සේවයක් කරලා නැහැ. හැමදේටම විරුද්ධ වෙන කෙනෙක්...
සමහර කතා තියෙනවා කතාවට වඩා, කියන කෙනා දැක්කාම හිනා යන... මේ මහල්ලන් දන්නවා ඔවුන්ට ජීවත් වෙන්න තියෙන්නේ තව වසර කීපයයි කියලා. ඒ හින්දා රටේ බහුතරයකට හෙණ ගැහුවත් කමක් නෑ. තමන්ට සැප හම්බවෙනවා නම් කමක් නෑ... කියන තත්වයක ඉන්නේ... විකෘති සහ සිහිමද මානසික තත්වයන්ගෙන් යුත් මහල්ලන් දේශපාලන පුටුවල ඉන්න රටවල් බලාගෙන ඉඳිද්දී වලපල්ලට යනවා...
මේ මනුස්සයා හැමදාම කියන්නේ පවතින දේට විරුද්ධ මතයක්. යුද්ධය ඉවර කරනතුරු, සුදුනෙළුම, තවලම වගේ නඩ එක්ක එකතුවෙලා යුද්ධයට විරුද්ධව වැඩකළා. නිකම් කටමැත දොඩවනවා මිසක් වැඩක් කරන්න පුළුවන් ස්ථිර ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් නෙවෙයි. අනුර කුමාර, සජිත් වගේ අය එක්ක කතා කරකර ඉන්න හොඳයි.
අයි.එම්.එෆ්. සමග බැඳෙනවාට අකමැති නම්, තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විකල්ප ඉදිරිපත්කළ හැකිද?
බළලා මල්ලෙන් එළියට පැන්නේය... මෙයාලගේ සමාජවාදය මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. හැමදේටම විරුද්ධ වෙනවා. කරන්න බැරිනම් ගෙදර යන්න. බහුබූත දොඩවන්නේ නැතිව.
IMF කොන්දේසි වෙන්නේ ණයක් ගන්නවා නම් ගත්තු ණය එම වැඩයටම යොදන්න ඕන... ඒ නිසා මේ නොකියා කියන්නේ ගසාකෑමට නැත්නම් ආණ්ඩුව සමග නැහැ කියලයි. මුන්දැ එලොවට මෙලොවට දෙකටම නැහැ..
දැන් ඔබ ගෙදර යවලයි ඉන්නේ... දැන් කතා නොකර ඉන්න.
IMF එකේ වෙන දේ මොකද්ද කියලාවත් දන්නේ නෑ...?
ඔබතුමාලා දේශපාලන සගයින් සමග රටේ දේපළ සොරකම් කළේ නැතිනම් අද IMF යන්න අවශ්‍ය වෙන්නේ නෑ...
IMF එකෙන් ගන්න මුදල්වලින් සොරකම් කරන්න, කොමිස් ගහන්න බැහැ... ඒක නිසා ඒකට කැමැති නැහැ..
චීනෙන් ගන්න සල්ලිවලින් මට පුළුවන් චොකා මල්ලි සහ ගෝලයින් සමග එකතු වෙලා පාරක් දෙකක් කපලා හොඳ කොමිස් පාරක් ගහගන්න. මම IMF එකට විරුද්ධ වෙන්නේ අපේ බඩේ පාර වදින නිසා...