(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයි.එම්.එෆ් එක ශ්‍රී ලංකාවේ වැසියන් තද කළා මිරිකුවා වැඩි යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
ලයිට් බිල වතුර බිල වැඩි කිරීමට සිදුවූයේ අයි.එම්.එෆ් කොන්දේසි නිසා බව පැවසූ අමාත්‍යවරයා තමා බලයට පැමිණි පසු ණය ගන්නා බවට සජිත් ප්‍රේමදාස පොරටෝක් දමන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IMF වෙත නොයා වැඩේ ගොඩින් බෙර ගැනීමට උත්සහ කළ පුද්ගලයා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඉවත් කරමින් IMF ගොස් "බේල් පැකේජ්" එකක් ගන්නා ලෙස බල කළේ අරගල විහිලුවට සහභාගී වූ නොමේරු රැල විසිනි. ඊට උඩ ගෙඩි දුන්නේ හර්ෂ ද සිල්වා වැනි ආර්ථික ඔස්තාර්ලා ය. ජවිපෙ හදුන්නෙත්ති වැනි විහිළුකාර ආර්ථික බක්කන් ය. දැන් ඉතින් මුළු රටම ඒ පව ගෙවමු.
දැන් කරන්න දෙයක් නැහැ .ඔය ප්‍රශ්නයට වැරදිකාරයො ගෝටා ,කබ්රාල්
රටම සූරාකාලා දැන් ලැජ්ජා නැතුව පොර ටෝක් දෙනවා. අසාධාරණ ලෙස මිනිස්සුන්ගේ මුදල් ගසා කාපුවාට, කොමිස්, කොමිස් ඒවාට ස්වභාවධර්මය විසින් හෝ දඬුවම් ලැබෙයි. සූදානමින් ඉන්න ඔය කට්ටියම. මිනිස්සු මේ විඳින දුක, කරන සාප...!
මිරිකුව පාරට මෙයත් ඇහැරිලා බොලේ....
බලලෝභී දූෂිත පවුල් පාලනේ අය මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා අන්තිමට අයි.එම්.එෆ් ගියේ ඒ නිසා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් තිබුණු කාලේ අමතක වෙලා? නින්දෙන් නැගිටලා වගේ කතාව...!
කොච්චර මිරිකුවත් මෙයාලාගේ බඩ නම් එහෙමමයි. මිනිස්සුන්ගෙයි, අහිංසක ළමයින්ගෙයි බඩවල් නම් පොත්තටම ඇලිලා...!
නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවත් රැවුල පානවා කියලා අපේ ආචිවිල සීයලා කියනවා, ඒවගේ තමයි කිසිම දැක්මක් වැඩපිළිවෙළක් නැති පිනාගේ නිවට ආණ්ඩුව ඉදිරියේ අයි. එම්. එක බල්ටි ගහනවා.
ඔබ ඇතුළු අනිත් හිටපු ඇමතිවරු කොමිස් ගහන්නේ හොරකම් කරන්නේ නැතුව අවංකව වැඩ කරනම් අද අපේ ආර්ථිකයට මෙහෙම වෙන්නේ නැහැ , අපි ඔබල කියන බොරු අසමින් ඔබලාට කතිරේ ගහපු නිසා , අපිට අද ඒවාට වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙනවා ,මේවා අපේ වැරදි ලබන චන්දෙදි වැරදි හදාගෙන නිසි කෙනෙකුට කතිරේ ගහන්න අපි බලාපොරොත්තුවෙනවා
ඒවා ගැන මෙයාට හොඳ දැනුමක් තියනවා
ඒක ඇත්ත .ඔය වගේ හෙමිහිට මිරිකිලා මොකා ආවත් මම ඇමති වගේ ඉන්න දක්ෂ වෙන්න ඕන