IMG-LOGO

අයි.එම්.එෆ් දිරිගන්වන්න චීනය ක්‍රියාකාරී භූමිකාවක

ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බලා ඉක්මනින් එකඟතාවකට පැමිණීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීම සඳහා චීනය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා පවසා ඇත.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා මුණ ගැසීමෙන් අනතුරුව චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

කොළඹ මුදල් අමාත්‍යාංශයේ දී අද (2) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සහ දෙරට අතර පවතින සහයෝගීතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා මෙහිදි සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට චීනයේ පූර්ණ සහයෝගය හිමි වන බව ද චීන තානාපතිවරයා මෙහිදි පවසා ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට චීනය පැහැදිලිවම සහාය දෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියකු ලෙස චීනය , ශ්‍රී ලංකාවේ ස්ථාවරය ධනාත්මකව සලකා බැලීමට සහ හැකි ඉක්මනින් එකඟතාවයකට පැමිණීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීම සඳහා චීණය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට කැමැත්තෙන් සිටින බව ද චීන තානාපතිවරයා මුදල් අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති චීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් කල් පිරෙන ණය ගැටලු විසඳීම සඳහා අදාළ මූල්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කිරීමට චීනය ක්‍රියාකාරීව සහාය දෙන බව පවසා ඇත.

(055)



අදහස් (0)

අයි.එම්.එෆ් දිරිගන්වන්න චීනය ක්‍රියාකාරී භූමිකාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 174 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1069 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site