(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලට අමතරව ශ්‍රී ලංකාව තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබන වසරේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බහු පාර්ශ්වීය නියෝජිතායතන ඔස්සේ ලබා ගැනීමටත් තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් රාජ්‍ය වත්කම් ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.
ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2 - 3 ත් අතර මුදලක් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උනන්දු බවත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරය සහ නිල සංචිත ශක්තිමත් වන බවත් සබ්රි මහතා එහිදී පෙන්වා දී ඇත.
චීනය,ජපානය,ඉන්දියාව මෙන්ම පුද්ගලික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකාව තවමත් තම විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියන් වන චීනයෙන් සහ ඉන්දියාවෙන් මූල්‍ය සහතික බලාපොරොත්තුවෙන් සිටින බවත් සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාර නම් ගියපාර වගේ නෙවෙයි. අපට මෛත්‍රී බුදුන් පහල වෙනකල්ම ගෙවන්න අමු සුද්දයක් දීලා මරුවෙන්නයි යන්නේ.
මේ තවත් නාට්‍යයක් පෙන්නන්න හදන්නේ. ගත්තු ණය ගෙවාගන්න බැරි රටකට කවුද තව ණය දෙන්නෙ? මේ නීත්‍යානුකූල නොවන රජයක්. ඒක නිසා කවුරුවත් අපිට ආධාර කරන්නේ නැහැ. කරුණාකරලා ඉක්මනට සියලුම මැතිවරණ පවත්වන්න.
ඔව් ඉතින් අර 12 දෙනාටත් ඇමැති පත්වීම් දෙන්නත් ඕනෑ නෑ...