
(කේ බුද්ධික කුමාරසිරි)
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට ආසන්නව රාත්‍රී කාලයේදී ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා වාහනවල පැමිණි පුද්ගලයන් කොල්ලකෑමේ කටයුත්තක් සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.
එම මාර්ගයේ බොහෝ ප්‍රදේශයක් රාත්‍රී කාලයේදී දැඩි අන්ධකාර තත්වයක තිබෙන බැවින් මෙලෙස මාධ්‍යම රාත්‍රීයට ආසන්න කාලයේදී මාර්ගයේ තැනින් තැන යකඩ ඇණ ගැසූ ලෑලි තැබීම මාර්ගය මධ්‍යයේ විශාල කලු ගල් තැබීම ආදී කටයුතු සිදුකර මාර්ගයේ ගමන් ගන්නා වාහන නතර වීමෙන් පසු එහි සිටින පුද්ගලයින් කොල්ලකෑම් සිදුවන බවද ඔවූහු පවසති.
මෙම මාර්ගයේ වීදි පහන් සවිකර නොමැති වීමත් දැඩි පාලු ස්වාභාවයක් පැවතීමත් නිසාවෙන් මෙවැනි කොල්ලකෑම් බහුල වීමට ප්‍රධාන හේතුවක්ව පවතින බැවින් පොලිස් ජංගම මුර සංචාර වැඩි කිරීමට කටයුතු කල යුතු බව එම ප්‍රදේශයේ වෙළදසැල් පවත්වාගෙන යන වෙළදුන්ගෙන් මේ පිලිබදව විමසීමේදී පැවසීය.
එම කොල්ලකරුවන් විවිධ අවි ආයුධ සහිතව පැමිණෙන බවත් එලෙස පැමිණ රන් භාණ්ඩ මුදල් ආදිය කොල්ලකා එම මාර්ගය දෙපස කැලෑබද ප්‍රදේශයට පලා යන බවද එම ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් මාලබේ - අඹතලේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත අයත් වන මුල්ලේරියාව සහ මාලබේ පොලිස් ස්ථාන වලින් විමසීමේදී එවැනි තොරතුරු ලැබී ඇති මුත් පැමිණිලි ලැබී නොමැති බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹතලේ ප්‍රදේශයේ අමුතු කොල්ලකරුවන් පිරිසක්
ලසා Monday, 23 December 2024 03:37 PM
මේ වෙලාවේ පිස්තෝල රැගෙන සිවිල් වෙසින් රෑට ගොස් උන්ට වෙඩි තිබ්බා නං ආයෙත් රටේම මේ වගේ ඒවා නොකර ඉදියි
kasun Monday, 23 December 2024 06:15 PM
ඔව් ඉතින් පැමිණිලි ලැබෙනකන් තොරතුරක් ලැබුණාට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න වෙලාවක් නෑ. එච්චරටම රටේ හොරු අල්ලනවනේ...