
(චාපා මධුභාෂිණී)
අතරමැදි වෙළෙඳුන් උසස් තත්තවයේ ටොම් ජේ සී අඹ අඩු මිලට ගැනීම හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ අඹ වගාකරුවෝ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති.
මේ වනවිට වෙළදපොලේ ටොම් ජේ සී අඹ රුපියල් 750 වැනි වැඩි මිලකට අලෙවි වුවද වෙළෙන්දන් ගොවීන්ගෙන් අස්වනු රුපියල් 250 වැඩි ඉතා අඩු මිලකට මිලදී ගන්නා බවත් වගාකරුවන්ට නිෂ්පාදන වියදමක් හිමි නොවන බවත් ඔවුහු පවසති.
මැදිරිගිරිය, බකමූණ, හැගුරක්ගොඩ, අත්තනකඩවල, දිඹුලාගල, වැලිකන්ද, හබරණ වැනි ප්‍රදේශ රැසක ගොවි ජනතාව සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් අක්කර විශාල වශයෙන් මෙම අඹ වගාව සිදු කර ඇත.
උසස් තත්වයේ අඹ පැලයක් රුපියල් 800 වැනි මිලකට මිලදී ගත් අඹ පැල සිටුවා වසර 3 සම්පූර්ණ වන කාල සීමාව වනවිට අඹ පළදාව ඇති වන බව ගොවීහු පවසති.
මේ දිනවල විශාල වශයෙන් අස්වනු නෙලෙමින් බවතින බවත් සිය නිවෙස්වලටම පැමිණ රුපියල් 200-250 වැනි මිලකට අස්වනු ලබා ගැනීමට වෙළදුන් පැමිණෙන බවත් කෙසේ හෝ අස්වනු ඉදි නාස්ති වීම වැලැක්වීම සදහා ඒ් මිලට හෝ අස්වනු ලබා දීමට තමන්ට සිදුව ඇති බව ඔවුන් කීය.
ඔවුන් අඩු මිලකට ගන්නා අඹ කිලෝව රුපියල් 700 පමණ අලෙවි වීම දුටු විට දැඩි සිත්වේදනාක් ඇති වූ බව ගොවීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්නාන්සේලාගේ ඔය පොඩි පොඩි වැඩ කරන්න නෙමෙයි ජනාධිපති, මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු ඉන්නේ. තමන්ගේ ප්‍රශ්න තමන් විසඳාගන්න...!
සුපිරි වෙළඳ සැල් chains වලට, පලතුරු වලින් අතුරු නිෂ්පාදන කරන අයට කියන්න කෙලින්ම ඇවිත් පලදාව ගන්න කියලා. එක්කෝ ඔබලාම සුපර් මාකට් වලට බඩු දාන්න ක්‍රම හදාගන්න. වගාව කරලා පමණක් මදි එය විකුණා ගන්න ක්‍රමය ගැනත් හිතන්න.
ලංකාවේ ගොවියා හැමදාම දුප්පත් වෙලා ඉන්නේ... අතරමැදියගේ සුරා කෑම නිසයි...!
මෙම වකවානුව අඹ අස්වනු වැඩි කාලයයි. අඹ කිලෝවක් නිශ්පාදනය පිරිවැය රුපියල් 100/- අඩු බව සත්‍යයකි. අද වෙළෙඳපොළ කිලෝවක් සිල්ලර මිල රුපියල් 450 ත් 500 ත් අතර වේ. ප්‍රාග්ධන ආයෝජනය දීර්ඝකාලීන වශයෙන් පිරිවැයට එකතුකර නැවත අයකර ගැනීමට ගොවි මහතුන් කටයුතු කළ යුතුයි. පසු අස්වනු හානිය නිසා සමහර අතරමැදියන් අනිසි පාරිභෝගික සිල්ලර මිලක් අයකිරීමට පෙලඹි ඇත. එය නොකළ යුතුයි. අපනයනය සඳහා සුදුසු අඹ රුපියල් 350/= 400/= අතර මිලට විකිනෙනු ඇත. ප්‍රවාහනය අස්වනු නෙලීම වැනි කරුණු වලදී අධික වියදම් දැරිමට සිදුවීම මෙම මිල පරතරයට හේතුවක් වේ. මෙය අතරමැදියන් ගේ ගසාකෑමට වඩා අක්‍රමවත් බෙදාහැරිමේ ක්‍රමය නිසා ඇතිවන තත්ත්වයකි. මෙහිදි අගය එකතුකර විකිණීම තවත් හොඳ උපක්‍රමයකි.
අතරමැදියා තමයි හැමදාම ගොවියන්ව ගසා කන්නේ සක්කලි ව්‍යාපාරිකයෝ...!
අක්කරයකට ගස් 200 ක් හිටව ගත්ත කෙනෙක් ගහකින් 20Kg ක අවම අස්වැන්නක් ගත්තත් ඒ අක්කරෙන් 4000kg අඹ අස්වැන්නක් ගන්න පුලුවන්... ඒක රුපියල් 200/= විකුනුවත් ලක්ශ 08 ක (4000×200=800000)...අඹ අස්වැන්න අවුරුද්දට දෙවතවක් ගත්තොත් ඔය මුදල ලක්ශ 16 වෙනවා....එහෙම ගන්න අය අද ලන්කාවේ ඉන්නවා...මේ TJC අඹ තියන්නේ ලන්කාවේ විතරයි...මේක අපිට ආවේනික දෙයක්...ඉන්දියාවේ අඹ නැති කාලෙට හැදෙන අපේ අඹ ගෙඩිය ජාතියන්තරයට ගෙනියන්න වැඩ පිලිවලක් හදමු...බොරු news ගහල මිනිස්සුන්ගේ වගාවට තියන ආසාව නැති නොකර....ලන්කාවේ වියලි කලාපයේ මොන වගාවෙන්ද අවුරුද්දට ලක්ශ 15 ගන්න පුලුවන් බෝගය.......????????????