IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අඹ ගොවියට අබ සරණයි:ගන්නේ 250ට:විකුණන්නේ 700ට

(චාපා මධුභාෂිණී)

අතරමැදි වෙළෙඳුන් උසස් තත්තවයේ ටොම් ජේ සී අඹ අඩු මිලට  ගැනීම හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ අඹ වගාකරුවෝ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

මේ වනවිට වෙළදපොලේ ටොම් ජේ සී අඹ රුපියල් 750 වැනි වැඩි මිලකට අලෙවි වුවද වෙළෙන්දන් ගොවීන්ගෙන්  අස්වනු රුපියල් 250 වැඩි ඉතා අඩු මිලකට මිලදී ගන්නා බවත් වගාකරුවන්ට නිෂ්පාදන වියදමක් හිමි නොවන බවත් ඔවුහු පවසති.

මැදිරිගිරිය, බකමූණ, හැගුරක්ගොඩ, අත්තනකඩවල, දිඹුලාගල, වැලිකන්ද, හබරණ වැනි ප්‍රදේශ රැසක ගොවි ජනතාව සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් අක්කර විශාල වශයෙන් මෙම  අඹ වගාව සිදු කර ඇත.

උසස් තත්වයේ අඹ පැලයක් රුපියල් 800 වැනි මිලකට මිලදී ගත්  අඹ පැල සිටුවා වසර 3 සම්පූර්ණ වන කාල සීමාව වනවිට අඹ පළදාව ඇති වන බව ගොවීහු පවසති. 

මේ දිනවල විශාල වශයෙන් අස්වනු නෙලෙමින් බවතින බවත් සිය නිවෙස්වලටම පැමිණ රුපියල් 200-250 වැනි මිලකට අස්වනු ලබා ගැනීමට වෙළදුන් පැමිණෙන බවත් කෙසේ හෝ අස්වනු ඉදි නාස්ති වීම වැලැක්වීම සදහා ඒ් මිලට හෝ අස්වනු ලබා දීමට තමන්ට සිදුව ඇති බව ඔවුන් කීය.

ඔවුන් අඩු මිලකට ගන්නා අඹ කි‌ලෝව රුපියල් 700 පමණ අලෙවි වීම දුටු විට  දැඩි සිත්වේදනාක් ඇති වූ බව ගොවීහු කියති.



අදහස් (6)

අඹ ගොවියට අබ සරණයි:ගන්නේ 250ට:විකුණන්නේ 700ට

monaragala Tuesday, 14 November 2023 06:15 PM

තමුන්නාන්සේලාගේ ඔය පොඩි පොඩි වැඩ කරන්න නෙමෙයි ජනාධිපති, මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු ඉන්නේ. තමන්ගේ ප්‍රශ්න තමන් විසඳාගන්න...!

:       2       0

Bamunuarachchi Tuesday, 14 November 2023 08:40 PM

සුපිරි වෙළඳ සැල් chains වලට, පලතුරු වලින් අතුරු නිෂ්පාදන කරන අයට කියන්න කෙලින්ම ඇවිත් පලදාව ගන්න කියලා. එක්කෝ ඔබලාම සුපර් මාකට් වලට බඩු දාන්න ක්‍රම හදාගන්න. වගාව කරලා පමණක් මදි එය විකුණා ගන්න ක්‍රමය ගැනත් හිතන්න.

:       0       9

ajith Tuesday, 14 November 2023 09:59 PM

ලංකාවේ ගොවියා හැමදාම දුප්පත් වෙලා ඉන්නේ... අතරමැදියගේ සුරා කෑම නිසයි...!

:       1       6

Harsha karunarathna Wednesday, 15 November 2023 09:47 AM

මෙම වකවානුව අඹ අස්වනු වැඩි කාලයයි. අඹ කිලෝවක් නිශ්පාදනය පිරිවැය රුපියල් 100/- අඩු බව සත්‍යයකි. අද වෙළෙඳපොළ කිලෝවක් සිල්ලර මිල රුපියල් 450 ත් 500 ත් අතර වේ. ප්‍රාග්ධන ආයෝජනය දීර්ඝකාලීන වශයෙන් පිරිවැයට එකතුකර නැවත අයකර ගැනීමට ගොවි මහතුන් කටයුතු කළ යුතුයි. පසු අස්වනු හානිය නිසා සමහර අතරමැදියන් අනිසි පාරිභෝගික සිල්ලර මිලක් අයකිරීමට පෙලඹි ඇත. එය නොකළ යුතුයි. අපනයනය සඳහා සුදුසු අඹ රුපියල් 350/= 400/= අතර මිලට විකිනෙනු ඇත. ප්‍රවාහනය අස්වනු නෙලීම වැනි කරුණු වලදී අධික වියදම් දැරිමට සිදුවීම මෙම මිල පරතරයට හේතුවක් වේ. මෙය අතරමැදියන් ගේ ගසාකෑමට වඩා අක්‍රමවත් බෙදාහැරිමේ ක්‍රමය නිසා ඇතිවන තත්ත්වයකි. මෙහිදි අගය එකතුකර විකිණීම තවත් හොඳ උපක්‍රමයකි.

:       1       4

වවය Wednesday, 15 November 2023 03:45 PM

අතරමැදියා තමයි හැමදාම ගොවියන්ව ගසා කන්නේ සක්කලි ව්‍යාපාරිකයෝ...!

:       1       3

ප්‍රියන්ත Thursday, 16 November 2023 10:48 AM

අක්කරයකට ගස් 200 ක් හිටව ගත්ත කෙනෙක් ගහකින් 20Kg ක අවම අස්වැන්නක් ගත්තත් ඒ අක්කරෙන් 4000kg අඹ අස්වැන්නක් ගන්න පුලුවන්... ඒක රුපියල් 200/= විකුනුවත් ලක්ශ 08 ක (4000×200=800000)...අඹ අස්වැන්න අවුරුද්දට දෙවතවක් ගත්තොත් ඔය මුදල ලක්ශ 16 වෙනවා....එහෙම ගන්න අය අද ලන්කාවේ ඉන්නවා...මේ TJC අඹ තියන්නේ ලන්කාවේ විතරයි...මේක අපිට ආවේනික දෙයක්...ඉන්දියාවේ අඹ නැති කාලෙට හැදෙන අපේ අඹ ගෙඩිය ජාතියන්තරයට ගෙනියන්න වැඩ පිලිවලක් හදමු...බොරු news ගහල මිනිස්සුන්ගේ වගාවට තියන ආසාව නැති නොකර....ලන්කාවේ වියලි කලාපයේ මොන වගාවෙන්ද අවුරුද්දට ලක්ශ 15 ගන්න පුලුවන් බෝගය.......????????????

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site