
(ප්‍රදීප් කුමාර)
යාපනය මුරුගන් කෝවිලක පැවති උත්සවයකදී කෝවිලේ වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 460,000 ට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර පුජක වරුන් සදහන් කර සිටි.
යාපනය වන්නර් ෆාම් ලෝටස් මාර්ගයේ පිහිටි වන්නෙයි කෝට්ටයම්පති සිරිසිවසුබ්‍රමනියර් මුරුගන් කෝවිලේදී මෙම අඹ ගෙඩිය මෙසේ ඉහළ මුදලකට වෙන්දේසි වී තිබේ.
මෙම කෝවිලේ දින 15 ක් පුරා උත්සවය පැවැත්වෙන අතර 08 වන දිනයේ මෙසේ අඹ ගෙඩිය වෙන්දේසිවී තිබේ. ඒ එදිනට යේදී තිබු "මම්පලම් තිරුවිලා"උත්සවයේදීය.
එහිදී වෙන්දේසියේ වූ අඹ ගෙඩිය ලබා ගැනීම සදහා දේශීයව සේම විදේශීයව කෝවිලේ උත්සවය සදහා පැමිණි බැතිමතුන් අතර තියුණු තරගයක් පැවති බව පුජකවරුන් සදහන් කරයි.
එහිදී කැනඩාවේ සිට පැමිණි බැතිමතෙකු විසින් මෙම අඹ ගෙඩිය රුපියල් 460,000 ක මුදලකට වෙන්දේසියේදී ලබාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වෙන්දේසි, ආණ්ඩුවේ වාහන වෙන්දේසි ඔහොම නොවේ, ඒවායේ යන්නේ කුණු කොල්ලයට...
දෙවියෝ පෙන්නනවා කියන්නේ මේවට තමයි. භක්තිය උතුරලා යනකොට මිනිසා අන්ධයෙකි...