
(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට ඊයේ (31) පැමිණ තිබේ.
නූලන්ඩ් මහත්මිය සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකුද දූත පිරිස ලෙස පැමිණ තිබේ.
ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ රාත්‍රී 10.10ට පැමිණ තිබුණි.
මෙම පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කරශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත අද (01) රාත්‍රී 06.40ට පිටත්ව යාමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ලංකාවේ පදිංචි කරගන්න බැරිද? ඇමෙරිකාවේ රස්සා කළාට මෙහෙට තමයි හොට දාන්නේ...