
( ෂේන් සෙනෙවිරත්න )
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිදි පුද්ලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බලපත්‍ර නොමැති එම ඇමරිකානු ගිනි අවිය සැකකරුට ලැබුණ ආකාරය සොයා බැලීම සඳහා පුළුල් විමර්ශන ආරම්භවී තිබේ.
වතු බලාගන්නෙකු වශයෙන් කටයුතු කරන සැකකරු පොලිසියට පවසා ඇත්තේ ඔහු වත්තේ ඇවිදින විට එම ගිනි අවිය වැටී තිබී හමු වූ බවයි.
සැකකරු අද (19) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd