
(සුරංග රාජනායක)
ගම්පොළ නිල්අඹ ඔයෙහි ඊයේ (5) සවස දිය නෑමට ගිය 5 දෙනකු දියේ ගසාගෙන ගොස් ඉන් දෙදෙනකු බේරාගත් බවත් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු අතුරුදන් වී ඇති බවත් පොලීසිය කියයි.
අතුරුදන්වී ඇත්තේ 19 හැවිරිදි මවක සහ ඇගේ දෙහැවිරිදි දියණිය බවද පොලීසිය කියයි.
ඊයේ (5) සවස නිල්අඹ ඔයෙහි මෙම පිරිස දියනාමින් සිටියදී එකවරම ආ ජල පහරට මෙම පිරිස ගසාගෙන ගොස් තිබේ.
මෙම පිරිස මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලීසිය සඳහන් කරයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාගන්නවත් බැහැ අපේ මිනිස්සු මේ තරම් නොසැලකිලිමත් මොකද කියලා.
පව් දෙයියනේ පොඩි කෙල්ල. මහ අයගේ මෝඩකම. මෙච්චර පොඩි දරුවෙක් ඔයකට බස්සනවද?
ඔබලා දෙදෙනාටත් මෙවන් අකල් වියෝවක් නොමවේවා.. අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා...!!!
කෝ මේ අල්ලාහ්.නෑ ඕනේ නැහැ එයාව හොයන්න.දෙවියන්ගේ කැමැත්ත