
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අන්තර් ජාල ගේම් වලට ඇබ්බැවි නිවසේ ලක්ෂ ගනනක රන්බඩු හා යතුරු පැදියක් රහසේ විකුණා දමමින් මෙම ක්‍රීඩාවේ නිරත වු සිද්දියක් සම්බන්ධව සැකකාර18 හැවිරිදි සිසුවකු අද දින අත් අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අපොස උසස් පෙල හදාරණ සිසුවකු බව කියයි.
මෙම සිද්දිය අනාවරණය වි ඇත්තේ අදාල මාරවිල කටුනේරිය ප්‍රදේශයෙන් වන අතර මව සහ පියා ඉතාලියේ රැකියාවට ගොස් සිටින අතර සියා හා මිත්තනියගේ රැකවරණය යටතේ ජිවත් වන බව මූලික පරික්ෂණවලින් අනාවරණය වි ඇත.
එම යුවළගේ එකම පුත්‍රයා මෙසේ මෙසේ අන්තර් ජලය හාරහා මුදලට ගේම් ගැසිමේ ක්‍රීඩාවට ඇබ්බැහි වි ඇති බව පොලිසිය පවසයි.
අදාල දරුවා මේ වන විට අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටිම සදහා ඔහුගේ පරිඝණකයෙන් අධ්‍යන කටයුතු සිදුකරන අතර තුර ක්‍රීඩාවට හුරුව ඇති බව පැවසෙයි.
එය අනාවරණ වි ඇත්තේ මෙම සිසුවාගේ නිවසේ තිබු ලක්ෂ ගණනක් වටිනා යතුරු පැදිය එකවර අතුරුදහන් විමත් සමග බව කියයි.
මෙම යතුරු පැදිය නිවසේ ගරාජයේ තිබියදි අතුරුදහන් විමේන් පසු සිසුවාගේ මිත්තනිය හා සියා මාරවිල පොලිසියට පැමිනිලි කර ඇති අතර එම සිද්දිය පිළිබදව මාරවිල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික විජේසිංහ මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ .
පොලිස් කණ්ඩායම් අනාවරණය කර ගෙන තිබුණේ මෙම සිසුවා එක්වරකට විශාල මුදලක් වැය කරමින් මෙම අන්තර් ජාල ගේම් වලට ඇබ්බැහි වි ඇති බවත් පලමුව නිවසේ තිබු සිසුවාගේ ලක්ෂ 4කට ආසන්න යතුරු පැදිය එක් ලක්ෂ පනස් දහසකට විකුණා දමා ඇති බවයි .
කෙසේ නමුත් පොලිසිය දිගින් දිගටම කල විමර්ශන වලින් පසුව අනාවරණය වි ඇත්තේ මෙම සිසුවා තම මවගේ හා මිත්තනියගේ ලක්ෂ පහකට වැඩි වටිනාකමින් යුත් රන් ආභරණද සොරකම් කර එයින් ලැබුන මුදලින් ගේම් ක්‍රීඩාවේ නිරත වි ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්තුඩාවේ කපල් එක තමයි... මේ විදිහට ළමයි නොමග යන එකට වග කියන්න ඕනේ...
දෙමාපියන්ගේ ග්‍රහණයෙන් මිදුණු මෙවන් දරුවන් රටේ කොතරම් ඉන්නවද? සැබවින්ම ඛේදවාචකයකි...
වෙන්නප්පුවේ අය තම දරුවන්ට වඩා අගයක් දෙන්නේ මුදල්වලට. ඔවුන්ට මේවා සාමාන්‍ය දේවල්...
දෙමාපියන් දරුවන්ගෙන් ඈත්වී සිටීමේ ප්‍රතිවිපාක තමයි. අද කාලේ දෙමාපියන් සමග සිටියත් නොමග යන දරුවන්ද නැතුවා නොවෙයි.
අම්මේ යන්න එපා දුරු රටකට...
අද පරම්පරාව මේවට නැඹුරු වෙනවා වැඩියි දැන්.
දෙමාපියන් සල්ලි මත්තෙම නාහිනකොට මේවා සාමන්‍ය දේවල්.
මත්කුඩු, මත්ද්‍රව්‍ය, මත්පැන්වලට ඇබ්බැහි වීම ගැන කතා කළාට ගේම් වලට, චිත්‍රපටිවලට ඇබ්බැහි වීම ගැන කතා කරනවා අඩුයි. මේ සියල්ලම ජීවිතයක් සම්පූර්ණයෙන් විනාශ කරන්න පුළුවන් දේවල්. මට මතකයි කාලයක් හොර මෘදුකාංග තහනම් කරලා, පරිගණක ක්‍රීඩා තැටිවලට විතරක් තහනම් කලේ නෑ. ළමයින්ව විනාශ කරන දේවල් තහනම් කලේ නෑ. යමක් ඉගෙන ගත හැකි දේවල් තහනම් කළා.
නොදියුණු රටවල ඔහොම තමයි තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නේ... මුහුණු පොතෙන් කරන්නෙම ඕපාදූප... මේවා කරන්නේ සුළු කොටසක්...
මෙම මුදල් යොදන ගේමි තහනමි කල යුතුමයි.