
(ඒ .ඒ ප්‍රේමසිරි)
තිස්සමහාරාම ගල්වලක දියනෑමට ගොස් අතුරුදන් වූ දරු දෙදෙනාගේ සිරුරද අද (22) උදෑසන සොයාගත් බව පොලීසිය කියයි.
මව සමඟ ඊයේ දියනෑමට ගොස් සිටි දරු දෙදනා අතුරුදන් වී තිබු අතර දියේ ගිලුණු මවගේ සිරුර ඊයේ දිනයේදීම සොයාගෙන තිබිණි.
දරු දෙදනාද දියේ ගිලෙන්නට ඇතැයි සැක සිතු පොලීසිය කිමිදුන්කරුවන් යොදා මෙහෙයුම අරඹා තිබු අතර අද උදෑසන එම සිරුරු සොයාගෙන තිබිණි.
මියගොස් ඇත්තේ තිස්සමහාරාම ,කාවන්තිස්ස පුර ,සාමගුලිය ප්‍රදේශයේ පදිංචි මනෝරි සුරංගිකා නමැති දෙදරු මව සහ ඇගේ දියණියන් වන 14 හැවිරිදි නෙත්මි හේමන්තිකා සහ 9 හැවිරිදි දේවින්දි නමැති දෙදෙනාය.




ගල්වලේ දිය නාන්න ගිය මව මරුට:දරු දෙදෙනා අතුරුදන්
( පද්මසිරි ගාර්දියවසම් සහ ඒ ඒ ප්‍රේමසිරි)
තිස්සමහාරාම සාමගුලිය ප්‍රදේශයේ ගල් වලක තම දියණියන් දෙදෙනා සමඟ දියනෑමට ගිය 32 හැවිරිදි මවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි .
මව සමඟ දිය නෑමට ගිය ඇයගේ දියණියන් දෙදෙනාද මේ දක්වා අතුරුදන් ව ඇතැයි පොලිසිය පැවසීය. දියේ ගිලී මියගොස් ඇත්තේ තිස්සමහාරාම ,කාවන්තිස්ස පුර ,සාමගුලිය ප්‍රදේශයේ පදිංචි මනෝරි සුරංගිකා නමැති දෙදරු මවකි.
අතුරුදන්ව ඇත්තේ 14 හැවිරිදි සහ 9 හැවිරිදි ඇගේ දියණියන් දෙදෙනාය .දරුවන්ද ගල්වලේ ගිලී මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැක සහිත කතාවක්.ගල්වළේ ගිල්වා මියගියා විය නොහැකිද? අඩුම තරමේ දරුවන් දෙදෙනා...