
(සුරංග රාජනායක)
දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුලුවාව කඳු මුදුනට නැගීමට ගිය පුද්ගලයකුගේ ඇඟට ගලක් පෙරලීමෙන් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස කන්ද නැගීමට ගොස් ඇති අතර ඉන් එක් අයකු මෙලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ දෙහිඕවිට මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි ගාර්දිය් සමරතුංගලාගේ දමින්ද සමරතුංග නමැති තිස් හත් හැවිදි දෙදරු පියෙකි.
මොහු සිය බිරිඳට ද නොකියා නිවසින් පිටව ඔහුගේ මිතුරන් සිව් දෙනකු සමග මෙම ගමන පැමිණ ඇතැයි පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලීසිය සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවො දෙන්නෙක් සිටින පියෙක් බිරිදටත් නොකියා ගියා කියන්නෙ කිසිම වගකීමක් නැති පුද්ගලයෙක් බව පෙන්වා දීමක් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔහොම අය බිරිදට වඩා මිතුරන් විශ්වාස කලත් මිතුරන් කෙසේ අයද බැලුවොත් හොදයි මග හොදට තිබේනම් යන්න දෑසත් පෙනේනම් කිම බැදිවල යන්නේ මං මුලාවූ එකෙකුසේ කියලා කියන්න ඕන
තමන්ගේ වයසට නොගැලපෙන දේවල් කරන්න ගියාම ඔය වගේ අකරතැබ්බවලට මුහුණ දෙන්න වෙනවා. අවුරුදු 37ක් වෙලා, දරුවෝ දෙන්නෙක්ගේ පියෙක් වෙලා, හැසිරිලා තියෙන්නේ අවුරුදු 17 නාඹර තරුණයෙක් වගේ...
අලුත් පරපුරේ අයට තියෙන අහවල් තැනේ අමාරුව මෙයාටත් බෝවෙලා වගේ. කෑම්පින් කරන්න කඳු බඩගාන්න පුදුම අහවල් තැනේ අමාරුවක්නේ තියෙන්නේ...!
ගලක් පෙරළිලා එන්න තරම් පල්ලමක් නෑ එතැන
බැරි දේවල් කරන්න ගිහින් කරගත්තු දේ මදැයි...!