IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රියැදුරෙක් මරුට

(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ (24) රෑ සිදුවූ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ මරු මුවට පත්වී ඇත්තේ බළපිටිය රන්දොඹේ පදිංචි උජිත්සිරි ද සොයිසා නමැති  58 හැවිරිදි තිදරු පියකු බවද පොලීසිය කියයි.

මිය ගිය තැනැත්තා අම්බලන්ගොඩ බස් නැවතුම් පොළ තීරෝද රථගාලේ කුලී තීරෝද රථ රියදුරකු බවත් ඔහු සිය තීරෝද රථයෙන් අම්බලන්ගොඩ සිට නිවස පිහිටි රන්දොඹේ බලා යමින් සිටියදී මේ වෙඩි පහාරයට ලක්වී ඇති බවත් පොලීසිය කියයි.

නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු මේ පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

මිලි මීටර නවයේ උණඩ දැමිය හැකි ගිණි අවියකින් ඔහුට වෙඩි තබා ඇති බවත් ඔහුගේ සිරුරේ  තුවාල හතරක් පමණ තිබෙන බවත් පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය නොවූ බව ද පොලීසිය කියයි.



අදහස් (0)

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රියැදුරෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site