IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අම්පාරට යළි ගංවතුර:ගල්ඔය ගඟත් අවදානමේ

(වසන්ත චන්ද්‍රපාල සහ එච්.ඒ.ඩී.ඥානසිරි)

අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පවසයි.

ඒ අනුව ජලය කළමණාකරණය කිරීම සදහා ගල්ඔය ගඟට සහ ප්‍රධාන වම් ඇළට ජලය නිකුත් කළ බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරුවරයා කියා සිටියේය. 

ගල්ඔය වම් ඉවුරට සහ ගල්ඔය ගඟට ඒ අනුව අද සවස 5.00 පමණ  ජලය මුදාහරිනු ලැබිය.

එම ජල ධාරාවන් තුළින් ඉගිනියාගල ජල විදුලිබලාගාරයේ ටර්බයින් දෙක ක්‍රියාත්මක කරනු ලැබිය.

ඒ අනුව ගල්ඔය වම් ඉවුරට සහ ගල්ඔය ගඟට තප්පරයකට ඝණ අඩි 800 ක ජල කඳක් නිකුත් වෙන බව ද ඔහු සඳහන් කලේය.

ඉඟිණියාගල ජල විදුලිබලාගාරය හරහා පිටවෙන ජලයෙන් මෙගාවොට් 5.4 ක විදුලියක් ජාතික පද්ධතියට එකතු වෙන බව විදුලි බල මණ්ඩලයේ උසස් නිළධාරියෙක් පැවසිය.

ගල්ඔය ගඟේ එක් බැම්මක් කැඩි යෑමේ අවධානමක් පවතින නිසා ඒ අවට ගම්මානවල පවුල් 45 ක් 112 ක පමන පිරිසක් අම්පාර මාහවාපි විහාරස්ථානයේ තාවකාලිකව නේවාසික පහසුකම් ලබාදුන් බව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා පැවසිය.

එම පිරිසට අවශ්‍ය පිසු ආහාර අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හරහා ලබාදිමට පියවර ගෙන ඇති බවද පැවසිය.

දැනට පවතින වර්ෂාව සමග අම්බලන්ඔය, එක්ගල්ඔය පන්නල්ගම, ටැම්පිටිය, කලුගල්ඔය ජලාශය,කොණ්ඩුවටුවාන ,අම්පාර , නාමල්ඔය වැව් වාන් දැමීමට පටන් ගෙන තිබේ.

හෙට දවසේ සේනානායක සමුද්‍රයට වැඩිපුර ජලය එකතු වුවහොත් එහි වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා වැඩි දුරටත් සදහන් කළේය.



අදහස් (0)

අම්පාරට යළි ගංවතුර:ගල්ඔය ගඟත් අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site