
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ ගෝනපොල ඇටබහේන නිවසක නිදා සිටි 7 හැවිරිදි දැරියක් පැහැරගෙන ප්‍රාණ ඇපයට ගෙන දැරිය මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ පෙම්වතිය පැහැරගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
ප්‍රාණ ඇපයට ගත් දැරිය කැස්බෑව පැටිකිරි දෙනිය ප්‍රදේශයේ ඥාති නිවසක දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
දැරියගේ පියාගේ සහෝදරිය සමග සැකකරු වසර 10 ක පමණ කාලයක සිට ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර මෑතකදී තරුණිය ප්‍රේම සබඳතාවය නවතා දමා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊයේ (13) අළුයම 6.20 ට පමණ තවත් පුද්ගලයෙකු සමග ගෝනපොල ඇටඹ- හේන නිවස ආසන්නයට මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකරු මෝටර් රථයෙන් බැස නිවස තුළට කඩා වැදී තරුණිය සොයා බැලුවද ඇය ඒ වන විටත් රැකියා ස්ථානය කරා යාම සඳහා නිවසින් පිටත්ව යාම හේතුවෙන් බාල සොයුරිය සමග එකම ඇඳෙහි නිදා සිටි පෙම්වතිය ගේ සහෝදරයා ගේ වැඩිමහල් දියණිය වන 7 හැවිරිදි දැරිය පැහැරගෙන මෝටර් රථයේ නැගි පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාමයෙන් ඔද්දල් වෙලා ආගිය අත නොදැන දඟළන ඇට සහ මස් පමණක් ඇති හිසක් නැති පටු මිනිසුන් කරන මේ නීති විරෝධී ක්‍රියා සඳහා නිසි දඬුවම් නැතිකමින් සමාජය පිරිහෙමින්ම පවතියි..