(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍යාංශවලට හා අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය විසින් නතර කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.
යම් අමාත්‍යාංශයකට වාහන වල අඩුවක් පවතින්නේ නම් ජනාධිපති කාර්යාලය සතු අතිරික්ත වාහන එම අමාත්‍යාංශවලට ලබාදීමට කටයුතු යොදවා ඇති බවද වාර්තා වේ.
රජයේ වියදම් සීමා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
අමාත්‍යාංශවල වාහන,ගමන් බිමන් ,ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කෙරෙන වියදම් ඇතුළු අනවශ්‍ය සියලු වියදම් කපා හරින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙරද අමාත්‍යාංශවලින් හා ඒ යටතේ ඇති ආයතනවලින් ඉල්ලීමක් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙට්ටු වූ රජයක් කරා යා යූතුය. දැනට ඇති සියලුම සම්පත් තව වසර පහකට ප්‍රමාණවත් වේ. හරියට සකසුරුවම් කළොත් මුළු වියදමින් 40% ඉතිරිකරගත හැකියි...
ඉතා හොඳ තීරණයක් ජනාධිපතිතුමනි...
මේ රටට නව ජවයක් ලැබුණා ජනාධිපතිතුමනි...,
ඉතා හොඳ රටට හිතැති තීරණයක්.
හොඳ තීරණයක් සර් ! පර්මිට් දීමත් කාලෙකට නැවත්තුවොත් හොඳයි.
මාර්තු වලින් පස්සේ 2020 මාදිලියේ ඒවම ගන්න පුළුවන්නේ 2019 මාදිලි ගන්නේ නැතුව!!!
ඉතා හොඳ රටට හිතැති තීරණයක්.
හොඳ තීරණයක්. රජයේ ආයතන වලට අනවශ්‍ය ගොඩනැගිලි සහ වාහන සඳහා කොයි තරම් අපරාදේ මුදල් නාස්ති කරනවද ? ඒත් සමහර පොඩි පාසල් වල වැසිකිලි පහසුකම් ඇත්තෙම නැහැ. උගන්වන්න හරියට පන්ති කාමරයක් නැහැ. මේවා ගැන සොයා බැලිය යුතුයි
ස්තුති ජනපතිතුමනි, කරුණාකර නිකන් ඉඳන් කාලය කන රජයේ නිලධාරියෝ ගැනත් සොයලා බලන්න
රටක් දියුණු වන්නෙ නියම නායකත්වයක් ඇති විටකය
පුදුමෙ කියන්නේ අර කෑගහන අයට මේ වගේ හොද තීරණ පේන්නෙ නෑනේ..
මේ වන තෙක් ගත් පියවර ඉතා ප්‍රශංසනීයයි. මේ ගත් පියවර ඉදිරියටම ගෙන යමු. ඒ වගේම නගර සංවර්ධන ව්‍යාපෘති, මාර්ග ප්‍රතිසංස්තරණ සහ ඉදිකිරීම් ඉක්මන් කරමු. පසුගිය අවුරුදු 4ටම පාරවල් නඩත්තු කලේ නැහැ. ඒවායේ විපාක දැන් විදිනවා. නුවර, ගාල්ල වගේ නගරවල සංවර්ධනය ඇන හිටියා. ස්වීස් ගැටවලට අහුවෙන්න එපා, ඒවා විශ්වාස කරන්නත් එපා.
රාජ්‍ය වාහන පිලිබඳ නිසි විගණනයක් ගත්තොත් තමා වඩාත් සුදුසු.
වාහන විතරක් නොවේ ඇයි ගොඩනැගිලි ලී බඩු, පරිගණක, ෆැක්ස්, මෙකී නොකී දේවල්
රජයේ ආයතන වල වාහන නඩත්තුවට අධික මුදලක් සමග වංචා තියෙනවා එම නිසා කුලී පදනම මත වාහන යෙදවීම ගැන හිතා බලන්න වෙනවා, සුකොබබෝගී වාහන අනවශ්‍ය යි.
අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කිරීම හොඳයි. නමුත් මීට වඩා දේවල් කල යුතුයි. සමහර දේශපාලකයෝ ඒ කාලේ රජයේ වාහන තමන්ගේ නෑදෑ පරපුරටත් බෙදාගෙන වැඩ කල හැටි මතකයි. ඒ දේශපාලකයෝ තවමත් අපුරුවට යහතින් ඉන්නවා. කිසිම දඬුවමක් නැහැ. මෙන්න මේවා තමයි නවතන්න ඕන.
හොද නායකත්වයක් ලැබිලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙනවා හොද දේ හොද විදිහටත්, නරක දේ නරක විදිහටත් දකින්න පුළුවන් ජනතාවක්.
කරුණාකර කෘෂිකර්මාන්ත කාර්යාලයට ගෙවන අසාධාරණ කුලිය ගැන සොයා බලා එය අඩු කිරීමට කටයුතු කරන්න නැතිනම් එය මුදල් ගෙවා රජයට පවරා ගන්න.