(සුජිත් හේවාජුලිගේ )

සියළු අමාත්‍යංශවල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත.

සියලු  අමාත්‍යාංශ සඳහා මේ සම්බන්ධයෙන්   විශේෂ චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා  අමාත්‍යාංශ සහ රජයේ ආයතනවල අනවශ්‍ය වියදම් හැකිතාක්  සීමා කිරීම මෙන්ම   දූෂණ වංචා වැලැක්වීමට  කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිම වැදගත්  බව  මුදල් අමාත්‍යාංශය පවසයි.