(යොහාන් භාසුර)
ආරක්‍ෂක සහ කෘෂිකර්ම අමාත්‍යංශ ඇතුළු අමාත්‍ය කීපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (26) රාත්‍රී නිකුත්කර තිබේ.
ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, තාක්‍ෂණ අමාතයංශය යටතට ද, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවති ලංකා පොස්පේඩ් සමාගම සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව කර්මාන්ත අමාත්‍යංශයට ද, එම ගැසට් නිවේදනයෙන් මාරුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විෂය පථ වෙනස් කිරීම ජනාධිපතිලාගේ විනෝදාංශයක් බවට පත් වෙලා. ගෝඨාභය කලෙත් මේකමයි.
හිසරදයට කොට්ට මාරු කිරීම වැනි වැඩක්
ඔහොම මාරු කර කර හිටපල්ලා. තව ටික කාලයයි. නිසි ප්‍රතිඵල ලැබේවි.
මෙයාටත් අරයගෙ පිස්සුව බෝවෙලා වගේ. ලස්සන නැති හන්දා නහය කපා ගත්තට මුහුණ ලස්සන වෙන්නේ නෑ මහත්තයෝ...
හිසරදයට කොට්ටය මාරු කිරීම.
දැන් 27 හයිඩ්පාක් එකේ ලොකු විරෝධතාවයක් තියෙනවා කියලා ආරංචි උනා වැඩි විස්තර හොයන්න කියලා ලංකාදීප විසිට් කරා මුකුත් තොරතුරු නෑනෙ. ඒ විස්තර තාම අරංචි නැද්ද
දැන් අපේ පාලනය තොවිලයක් වගේ .දෙන්න දෙන්න කියමින් ජාතික මුදල්වලින් හොඳ සැපට ඔහේ කාලය ගතකරනවා
ඔව් ඉක්මනට මාරු වෙන එක හොදයි නැත්නම්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, තාක්‍ෂණ අමාතයංශය IT පිලිබදව මනා දැනුමැති ඇමතිවරයකු යටතට පත්කළ යුතුවේ
අම්මෝ ඇති යන්තම් .රටේ උද්ධමනය ,ආර්ථික අවපාතය,තෙල් අර්බුධය ,විදේශ සංචිත හීන වීම විසඳන්න ගත යුතු හොඳම තීරනය ඔය අරන් තියෙන්නේ .අපේ පිනාධිපතිතුමා
කෘෂිකර්ම අමාත්‍යාංශය තරම් ගණිකා වෘර්ථියේ යොදවන අමාත්‍යාංශයක් තව නැතිව ඇති.පහුගිය අවුරුදු 15 ඇතුලත මේ අමාත්‍යංශය මොන තරම් බූරු තාලෙට එහෙට මෙහෙට කැඩුවද කියලා හොයලා බැලුවොත් ඔයාලාට හිතෙයි මේ රටේ කෘෂිකර්මයක් කියලා දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ කොහොමද කියලා.හැම පාලකයෙක්ම මේ සක්කිලි වැඩේ කරන්නේ උන්ගේ බලය තියා ගන්න වටේ ඉන්න මන්ත්‍රී ලවා පගාවක් දීලා හොරු කරලා එයාලාගේ කර පිටින් තමන්ගේ ගමන යන්න.වැරැද්ද තියන්නේ මිනිස්සු අතේ.මිනිස්ස්යු විරුද්ධ වෙන්නේ නෑ මේ විදියට ඔලු මාරු කරනකොට .අවුරුදු ගණන් තමන්ගේ වැඩ කරගන්න බැරුව බොරුවට බැන බැන රස්තියාදු වේවී ඉන්න පුරුදු වෙලා.චන්දයක් එද්දී මේ බලු වැඩ මුකුත් මතක නෑ .කක්කුස්සි කටවල් බදාගෙන ආයෙමත් හොරුන්වම පත් කරනවා .මිනිස්සු හිතන්න පටන් ගත්තා දවසට මේ සංසාර වලල්ලෙන් එලියට එයි .කවදා හරි
විෂයන් මාරු කෙරුවාට හරියට වැඩක් කරනවාද? ගැසට් ගහනවා රිවස් කරනවා, ඕවානේ පහුගිය කාලේ කෙරුවේ...!