
( තිලකරත්න දිසානායක)
ගම්පහ ඇතුලු අවට ප්‍රදේශයන්හිද මේ දිනවල එළවළු මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින අතර අද (2) දිනයේදී අමු මිරිස් කිලෝවක් රුපියල් 1000 ත් 1500 ත් අතර මිලකට අලෙවි කළ ආකාරයක් දක්නට ලැබිණි.
එළවළු හිඟවීම මත මිල ගණන් ඉහළ ගොස් ඇති නමුත් මිල ගණන් හිතුමතේ පවත්වාගෙන යාමට වෙළඳුන් කටයුතු කරන බවට පාරිභෝගික ජනතාව චෝදනා කරති.
ඇතැම් වෙළඳුන් මිල ගණන් ප්‍රදර්ශනය නොකොට එළවළු අලෙවි කිරීමේ පසුබිමක මෙලෙස මිල ගණන් විවිධ මට්ටමින් පවත්වා ගෙන යාමට අවස්ථාව සැලසී ඇති බව පාරිභෝගිකයන් පෙන්වා දෙන අතර ඇතැම් වෙළඳුන් මිල ප්‍රදර්ශනය නොකොට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාල රාජ්‍ය ආයතනය ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිහින්සාවේ ආයුධය හූව තව තවත් පැතිරේවා.....!
තට්ටු නිවාසවාසීන් වුණත් සමහර තැන්වල මල් වවපු බවක් පේනවා. ඉතින් ඒ වෙනුවට මිරිස් පැලයක්වත් හිටවනවා නම් මිල වැඩියි කියන්න බැහැ. ඕනෑම කෙනෙකුට එහෙම කරන්න පුළුවන්... එවිට මිල අඩුවේවි..!!!
මිල පාලනයට ආණ්ඩුව මැදිහත් විය යුතු නෑ. ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය වීමට ඉඩ හරින්න...
මේ රජය සෞභාග්‍යය පිළිබඳව වාර්තා පිට වාර්තා තබමින් සිටියි.
පුළුවන් වෙලාවට අනිත්එකා මරාගෙන කෑම ලාංකිකයින්ගේ අනන්‍යතාවයක් වෙලා...
69 ලක්ෂයක් ජනතාව රවට්ටපු ආණ්ඩුව... දැන් සැපද?
කොළඹත් ඔය ගණන් තමයි. ඒත් වගාකරුවාට කිසි යහපතක් නෑ. අතරමැදියා රජ කරනවා. රජය බුදි...!