
(සුජිත් හේවාජුලිගේ )
රට ඉදිරියේ ඇති සියලු අභියෝග ජයගත හැක්කේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්ව කටයුතු කිරීමෙන් පමණක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
එම අවුරුදු පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
ලාංකිකයන් වන සිංහල, දෙමළ අප කාටත් මේ උදාවූයේ වසරේ මහෝත්කර්ෂවත්ම මංගල්‍යයය ලෙස සැලකෙන සිංහල - දෙමළ අලුත් අවුරුද්දයි. දෙදහස් පන්සිය වසරක දීර්ඝ, ලාංකික ඉතිහාසය ඇතුළත අපි මෙම මහා සංස්කෘතික මංගල්‍යයය අපගේ ජාතික උරුමයක් සේ සලකා අනාගත පරපුරට දැනෙන පරිදි ඉහළින්ම සැමරුවෙමු. අතීතයේ පවා අප මුහුණ දුන් අතිශය අසීරු, දුෂ්කර කාලපරිච්ඡේදයන්හිදී ද මෙවැනි උත්සව සැමරීම කිසිවිටෙක අපට අමතක වූයේ නැත. ඒ් , අපේ අනාගත දරු පරපුරට ස්වීය සංස්කෘතික වටිනාකම් හඳුන්වාදීමට මෙවැනි අවස්ථා තරම් යෝග්‍ය අන් කිසිදු අවස්ථාවක් නොමැති බැවිනි.
මේ වන විට අප පමණක් නොව මුළු මහත් සියලු ලෝවැසියන් සිටින්නේ, ආර්ථික සහ සමාජයීය වශයෙන් අසීරු අභියෝගයකට මුහුණ දෙමිනි. එසේ වුවද නූතන පරපුරට ඉපැරණි , දේශජ සංස්කෘතික මූලයන් අනාගත පරපුරට දායාද කරලීමට එළඹෙන මෙවන් සුවිශේෂී අවස්ථා අප කිසිසේත් මඟ හැරිය යුතු නැති බව මගේ හැඟීමයි. එනමුත්, නොවැළැක්විය හැකි විවිධ හේතු නිසා අපට පසුගිය වසර කිහිපයකදීම අලුත් අවුරුද්ද සිත්සේ සැමරීමට නොහැකි විය.
සෑම සිංහල - දෙමළ අලුත් අවුරුද්දකදීම මවකගේ අපේක්ෂාව වන්නේ, සිය දරු දැරියන් සියලු දෙනාගේ කුස මෙන්ම සිතද එකසේ ප්‍රීතියෙන් පුරවාලීමයි. අපේ දෙමාපිය -වැඩිහිටියන් මේ අලුත් අවුරුද්දේ නැකතට අනුව, මහගෙදරට එක්වන ස්වකීය පවුලේ සියලු දෙනාහට ආදර ගෞරවයෙන් සලකනු මෙන්ම ඒ ස්නේහ සිත්පෙරදැරිව අසීරුවෙන් දිවිගෙවන වටපිටාවේ අසල්වැසියන්, සිය දුර ඈත ඥාතීන් වෙත හෘදයාංගමව තමන් හා එක්ව සිරිත් විරිත් කරන්නට ඇරයුම් කරනු ඇතැයි මම අවංකව බලාපොරොත්තු වෙමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹල කට්ටිය එකතුවෙලා අපිට කරපු හරිය ඇති.
එතකොට තමයි මගේ කන්තෝරුවෙ ඉන්න මගේ පරපුර ආරක්ෂාවෙන්නෙ
අභියෝග අති කලේ අපිද?
බම්බුව