IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අපහාස නඩු තීන්දුවෙන් නළු ජොනී ඩෙප්ට වැඩි වාසි

හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ  ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

දෙපාර්ශ්වයේම පැමිණිලිවලට හොඳින් කන්දීමෙන් පසු ජූරි සභාව ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඩෙප් සහ හර්ඩ් දෙදෙනාම වරදකරුවන් බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත්, තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ නළු ජොනී ඩෙප්ට වාසි වන අයුරිනි.

‘පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ චිත්‍රපට මාලාවේ කැප්ටන් ජැක් ස්පැරෝ ලෙස ජනප්‍රිය 58 හැවිරිදි ජොනී ඩෙප්, හොලිවුඩයේ ඉහළ වටිනාකමකින් යුත් නළුවකු වන අතර ඔහු ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රියය. ජොනී ඩෙප් තරම් ජනප්‍රිය නොවුණත් ඇම්බර් හර්ඩ් ද හොලිවුඩ් චිත්‍රපට කීපයකට රංගනයෙන් එක් වී ඇත. ඇය බොහෝ දෙනා ජනප්‍රිය ‘ඇක්වා මෑන්’ චිත්‍රපටයේ කළ රංගනය හේතුවෙනි. හර්ඩ් 36 හැවිරිදි වියෙහි පසුවෙයි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ජොනී ඩෙප්ට අපහාස කරමින්, ඔහුගේ කීර්ති නාමය කෙළසීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක (රුපියල් කෝටි 540 ක් පමණ) වන්දියක් ඩෙප්ට ලබා දිය යුතු බව හර්ඩ්ට පවසමිනි. ඇම්බර් හර්ඩ් ට අපහාස කිරීම සම්බන්ධයෙන් ජොනී ඩෙප්ට වන්දි ලෙස ගෙවීමට නියම කෙරුණේ ඇමෙරිකන් ඩොලර් මිලියන2 කි. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ ෆයර්ෆැක්ස් නුවර අධිකරණ ශාලාවට ඇම්බර් හර්ඩ් පැමිණ සිටි අතර, ජොනී ඩෙප් එංගලන්තයේ සිට එම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. ඩෙප් ලන්ඩන් නුවරට ගොස් ඇත්තේ​ ෂෙෆීල්ඩ් හි පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහාය.

ඩෙප් සහ හර්ඩ් යුවළ නඩු මඟට යොමු වූයේ 2018 දී හර්ඩ්, ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මුල්කොට ගනිමිනි. එහිදී හර්ඩ්, ඩෙප්ට​ චෝදනා නගා තිබුණේ ඔහු ඇයට ලිංගික අඩන්තේට්ටම් කරන බවත්, ඩෙප් නිසා ඇය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් වූ බවත්ය.

කෙසේ නමුත් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ජොනී ඩෙප්ගේ නමක් සඳහන් නොවිණි. ඒ වනවිට ඇම්බර් හර්ඩ් විවාහ වී සිටියේ ඩෙප් සමග බැවින්, ඇය චෝදනා නැගුවේ ඩෙප් ගැන බව ලොවට රහසක් නොවිණි.
ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් විවාහ වූයේ 2015 වසරේදීය. ඒ, 2011 දී ‘රම් ඩයරි’ චිත්‍රපටයේ එකට රංගනයෙන් යෙදීමෙන් පසුව එකිනෙකා හඳුනාගෙනය.

2015 දී විවාහ වී වසරක් යෑමටත් පෙර විවාහය අවුල්සහගත වූ අතර,  2016 දී හර්ඩ්, ඩෙප්ට ඓරහිව තහනම් නියෝගයක් ද අධිකරණයෙන් ලබා ගත් බව පැවැසෙයි. දෙදෙනා දික්කසාද වූයේ 2017 දීය. හර්ඩ්, නම සඳහන් නොකර ඩෙප්ට අපහාස වන ආකාරයට ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාව ලබා දුන්නේ  2018 වසරේදීය.

පුවත්පත් සම්මුඛ සාකච්ඡාවෙන් පසු, ජොනී ඩෙප්, ඇම්බර් හර්ඩ්ට එරෙහිව නඩු මඟට ගියේ,හර්ඩ් තම හොඳ නම කැත කළේ යැයි පෙන්වා දෙමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 50 ක වන්දියක් ද ඉල්ලමිනි. හර්ඩ් ඊට ප්‍රතිචාර දක්වමින් නඩු මඟට ගියේ ඩෙප්ගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක වන්දියක් ඉල්ලමිනි. චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පසුගිය සති 6 ක කාලය පුරා ෆෙයාර්ෆැක්ස් අධිකරණයේ දී පැවැත්වූයේ ඉන් අනතුරුවය.

ජොනී ඩෙප්ට වැඩි වාසි වන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු හැඬූ කඳුළින් ඇම්බර් හර්ඩ් පැවැසුවේ, ලිංගික හිංසනයකට සහ අඩන්තේට්ටම්වලට ලක්වුණු තමන් වැනි කාන්තාවකට සාධාරණයක් ඉටු නොවුණු බවය. සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත ජූරි සභාව ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වුණු බවත්, ජූරි සභාව තමන් තම ජීවිතය ආපසු ලබා දුන් බවත් ජොනී ඩෙප් පැවැසීය.

(රොයිටර්)



අදහස් (0)

අපහාස නඩු තීන්දුවෙන් නළු ජොනී ඩෙප්ට වැඩි වාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 535 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site