
(සුජිත් හේවාජුලිගේ)
අපරාධ මැඩලීමට තවත් අණ පනත් ගණනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කරගෙන යන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත (සංශෝධන) පනත් කෙටුම්පත , 2007 පුනරුත්ථාපන (සංශෝධන) පනත් කෙටුම්පත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා අණ පනත්, මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත මෙසේ ඉදිරියට ඉදිරිපත් කරන නීති කෙටුම්පත් බව ඔහු ප්‍රකාශ කළේය.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කර ඇති බව කී අමාත්‍යවරයා අපරාධ යුක්ති ක්‍රමය අැති සියලු ආයතන ශක්තිමත් කරන බවද සඳහන් කළේය.
ට්‍රාන්ස්පේරන්සි ආයතනය 2013 වාර්තාවේ පොලිසිය දූෂිතම ආයතන ලෙස සඳහන් කර තිබෙන බවත් එ් වනවිට පැවැති දේශපාලනය මේ තත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබූ බවත් ඔහු සඳහන් කළේය.
අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වන විට යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාද වන බවද හෙතෙම සඳහන් කළේය.
නඩු විභාග දුරට ඇදී යාමෙන් ජනතාව පීඩාවට පත්වන බවත් පවුල් ජීවිත පවා විනාශ වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
"අධිකරණ පද්ධතියේ නඩු එකොළොස් ලක්ෂ ගාණක් ගොඩගැහිලා තියෙනවා. 2021 දී නඩු තිබුණේ 1096118 ක්. දැන් 1122118ක් යැයි ආනන්ද විජේපාල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd