IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපරාධයකට සූදානම් වූ හිටපු එස්.ටී.එෆ් සෙබළෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ අනුදැනුම මත අපරාධයක් සිදු කිරීම සඳහා මෝටර් රථයක් තුළ ටී 56 ගිනි අවියක් සඟවාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

එම මෝටර් රථය තුළ තිබී  පතුරම් 30 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගනේමුල්ල සංජීව යන අයගේ ගෝලයකු වන ගම්පහ පැටි මංජු ගේ සහෝදරයකු වන දැනට විදේශගතව සිටින කදමුල්ල ආරච්චිගේ දිනේෂ් වසන්ත යන අයගේ සමීපතමයකු බව පොලිසිය කියයි.

පුද්ගලයකු අපරාධයක් සිදු කිරීම සඳහා ඔහුට අයත් මෝටර් රථයෙන් ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව බුද්ධි හා ආවේෂණ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සම්පත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්  වැලිපැන්න පොලිස් වසමට ගොස් බුද්ධි ආවේෂණ රාජකාරී සිදු කිරීමෙන් පසු සැකකරු පදිංචි නිවස වෙත ගොස් පරීක්ෂණ සිදුකර ඇතැයි පොලිසිය කියයි.

එහිදී නිවස අසල නවතා තිබූ මෝටර් රථයේ අසුන යට සූක්ෂම ලෙස සඟවා තිබූ ටි 56 ගිනි අවිය සහ 7.62-39 ප්‍රමාණයේ  පතුරම් 30 සොයා ගැනීමෙන් අනතුරුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එයට බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වී ඇත.

 



අදහස් (0)

අපරාධයකට සූදානම් වූ හිටපු එස්.ටී.එෆ් සෙබළෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site