
(නිමල් ජයරත්න)
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝටර් රථ තුනක්, කැබ් රථයක් සමඟ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
යුද හමුදාවේ බ්‍රිගේඩියර් වරයකුට පළඳින නිල ඇඳුම් කොටස් හා ව්‍යාජ ලෙස සකසා ගත් හැදුනුපතක් සහිත පුද්ගලයකු, හමුදාවේ ඇඳුම් කොටස් තොගයක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් ළඟ තබාගත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, යුද හමුදාවේ සේවයෙ නියුතු අනෙත් දෙදෙනා ත්‍රිකුණාමලය හෙන්ද්‍රික් බලකොටුවේ ආරක්‍ෂාවේ නිරත වන පුද්ගලයන් බවට අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අට දෙනා යක්කල, පාදුක්ක, ගලේවෙල, මිල්ලවාන, තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ විනයාරක්ෂක බලකා නිලධාරීන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරකට අනුව වැලිකන්ද පොලිසිය හා එම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය කරන ලද පරීක්ෂණ වලට අනුව යුද හමුදාවේ බ්‍රිගේඩියර් නිල තනතුර දරන බවට පෙනී සිටි පුද්ගලයා යුද හමුදාවේ සිටි පුද්ගලයෙකු නොවන බවද හෙළි වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු