කොරෝනා වයිරසය සහ අනෙකුත් වසංගත රෝගවලට ප්‍රතිකාර සොයාගැනීම සඳහා අප්‍රිකාවේ ශාකසාර ඖෂධ පරීක්ෂා කර බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ව තිබේ.
මේ අනුව ශාකසාර භාවිත කරමින් සකසා තිබෙන ඖෂධ තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණවලට යොදාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ තවත් සංවිධාන දෙකක විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මෙම අවසර ලබා දී තිබේ.
ඊට අමතරව විශේෂිත කමිටුවකින් මෙම සායනික පරීක්ෂණවල දත්තල එම ඖෂධ භාවිතයෙන් ඇති විය හැකි අතුරු ආබාධ, ආරක්ෂාව යනාදී කරුණු රැසක් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන අතර අවසන් නිගමන හා විශ්ලේෂණ ද කරනු ඇත.
ඕනෑම ඖෂධයක සාර්කත්වය, ආරක්ෂාව සහ සඵලත්වය මැන බැලන්නේ මෙම තුන්වැනි මට්ටමේ සායනික පරීක්ෂණවලදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අප්‍රිකාවේ ශාකසාර ඖෂධඅත්හදා බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
SL Monday, 21 September 2020 02:40 AM
ලංකාවේ කලින් වැඩ කරලා නමක් දිනාගත්තු වේදමහත්තුරු කරපු යෝජනා GMOA එක පයිසෙකට ගණන්ගත්තෙ නැත්තේ - කුහක කමට නොවෙයි ලු . දැන් සෞඛ්‍ය සංවිධානයෙන්ම පටන් අරගෙන තියෙන එකේ... එහෙන් කසාය මුට්ටියක් එව්වොත් GMOA එක බාරගනී.