IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අ‘පුරේ සංචාරක හෝටල් 25 ක් බැංකුවලට සින්න වෙලා

(දයාරත්න ඇඹෝගම)

සංචාරක හෝටල් ඇපයට තබා බැංකු වලින් ලබාගත් ණය මුදල් ආපසු ගෙවා ගැනිමට අපොහොසත් විම නිසා අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් 25 කට ආසන්න ප්‍රමාණයක් එම මුල්‍ය ආයතන විසින් අත්පත් කරගෙන ඇතැයි අනුරාධපුර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩේමියන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊට අමතරව පවතින ආර්ථික අර්බුදය හමුවේ තවත් සුළු හා මධ්‍යම ප්‍රමාණයේ සංචාරක හෝටල් රැසක්ද වැසි ගොස් ඇති බවත් සභාපතිවරයා පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමන් අනුරාධපුර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩේමියන් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසිය.

 “පසුගිය කාලයේ සහරාන්ගේ සිද්ධියත් කොරෝනා රෝගය හේතුවත් මුල්කර ගනිමින් මුලු රටේම සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා.විදේශීය සංචාරකයන් ලංකාවට ආවේ නැහැ.දේශිය සංචාරකයන් ආවේ නැහැ.

මේ නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් සිදුවුණා.ඒ වේලාවේ අපේ දුක්ගැනවිල්ල රජයට ඉදිරිපත් කරන වේලාවේදි රජය අපට කියුවේ ඔය ගොල්ලන්ගේ ණය මේ වේලාවේ බැංකු වලට ගෙවන්න ඔනේ නැහැ.සහන කාලයක් ලබලා දෙනවා.සහන කාලයෙන් පස්සේ ණය ගෙවා ගෙන යන්න පුලුවන් කියලා කියුවා.නමුත් ඒ කටයුත්ත නිසි පරිදි සිදුවුනේ නැහැ.”

“මේ හේතුවෙන් ණය ලබාගත් හෝටල් හිමියන් සියලු දෙනා දිගින් දිගටම බරපතල මුල්‍ය අර්බුදයකට ලක්වුණා.ඒදා ඉදන් මේ දක්වාම ණය ලබාගත් හෝටල් හිමියන් ලබාගත් ණය ගෙවා ගන්න බැරි තත්වයකට පත්ව ඉන්නවා.මේවන දැන් අපේ හෝටල් ඇපයට තබා ණය ලබාගත් පුද්ගලික බැංකු අපේ හෝටල් කඩිනමින් අත්පත් කර ගනිමින් තිබෙනවා.

ලබාගත් ණය මුදල් ගෙවන්න කාලය දිර්ඝ කරලා දෙන්න කියලා ඉල්ලිමක් කළා.ඒ සදහා අවස්ථාවක් හිමි වුණේ නැහැ.මේවන විට මගේ අනුරාධපුරේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් දෙකක්ම බැංකුවෙන් අත්පත්කර ගෙන තිබෙනවා.”

“එසේ අත්පත් කරගත් එම හෝටල් බැංකු මගින්  නිසි පරිදි නඩත්තු කරන්නේ නැහැ.ඒවා වේන්දේසි කරන්නත් පියවරක් ගෙන නැහැ.මේවන විට එම හෝටල් වල පිහිටි පිහිනුම් තටාක,උද්‍යාන,ගොඩනැගිලි නිසි නඩත්තුවක් නොමැතිව ගරා වැටෙමින් හානියට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් රැපියල් කෝටි හත අටකට වඩා වැටි වටිනා කමකින් යුක්ත මෙම හෝටල් ඉතා අඩු මුදලකට විකුනන්නයි වෙන්නේ.එම අලාභයත් අපටමයි දරාගන්න වෙන්නේ.මෙම හෝටල් නිසි පරිදි නඩත්තු නොකර වේලාසන විකුණුවේ නැත්නම් හෝටලය ගන්නා කෙනා තුට්ටුවට තමයි මේවා ගන්නේ.අන්තිමට අපිට අපේ හෝටලුත් නැහැ.

ණය මුදලින් නිදහස් වෙන්නත් බැහැ.”එම නිසා මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන් මැදිහත්වි අනුරාධපුරදිස්ත්‍රික්කයේ හෝටල් හිමියන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසද ඩේමියන් ප්‍රනාන්දු මහතා මෙහිදි ඉල්ලා සිටියේය.

 



අදහස් (2)

අ‘පුරේ සංචාරක හෝටල් 25 ක් බැංකුවලට සින්න වෙලා

Lalla Wednesday, 14 August 2024 11:44 PM

සාධාරණ ඉල්ලීමක් නේද?

:       0       0

pakeer Thursday, 15 August 2024 08:49 AM

ප්‍රධානම දේ තමයි අනුරාධපුරේ කියන්නේ වන්දනා නගර්යාක් . ඒකට හරියන විදියට හෝටල් හැදුවොත් කස්ටමස්ලා වැඩියි .නැතුව මේක නිකන් විකාර වැඩක් .පිහිනුම් තටාක හදාගෙන ,උද්‍යාන හදාගෙන ..ඒවාට එන පිරිස අඩුයි .මිල වැඩි නිසා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site