IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අ‘පුර රකින්න යුනෙස්කෝ මැදිහත් වීම අගය කළ යුතුයි

(අංජුල මහික වීරරත්න)

මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් වූ  අනුරාධපුර පූජා නගරය සුරක්ෂිත කිරීම සඳහා ඒකාබද්ධ සහ තිරසාර ප්‍රවේශයක්’ මැයෙන් ප්‍රංශයේ, යුනෙස්කෝ මූලස්ථානයේ පැවති ජාත්‍යන්තර විශේෂඥ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධාන කළ මෙම සමුළුව,  සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසර උපායමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.



අදහස් (3)

අ‘පුර රකින්න යුනෙස්කෝ මැදිහත් වීම අගය කළ යුතුයි

sama Thursday, 03 April 2025 04:41 PM

තිස්ස විහාරේ දානය දෙන්න නොදුන් අය කොහොමද පූජා භූමිය ආරක්ෂා කරන්නේ? ලකුණු දාගන්න වැඩ

:       0       1

අමල් Thursday, 03 April 2025 04:45 PM

මම හසානා එක්ක ප්‍රංශයේ ඇවිදින්න ගිය වෙලාවෙත්, යුනෙස්කෝ මුලස්ථාන ගොඩනැගිල්ල ඉස්සරහ ඔය විදිහට හිටගෙන ජයාරුපයක් ගත්තා මතකයි ! සොඳුරු මතක !

:       0       2

HO4 Friday, 04 April 2025 07:01 AM

අනුරාධපුර තියා අපේ රට රකින්නවත් කිසිම රටකින් ආධාර අනුබල ඕනේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site