(යොහාන් භාසුර)
අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රදේශයට සිකුරාදා (18 වැනිදා) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා පැය හයක් (6) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
යාපනය හන්දිය, මාතලේ හන්දිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව, ගල්කුලම, මිහින්තලේ ජල සම්පාදන ක්‍රමයේ සිට ‘ඒ’ 9 මාර්ගය, මරදන්කුලම, දොරමඩලාව, සමෘද්ධි මාවත, උක්කුලන්කුලම, ජයන්ති හන්දිය, සංගිලිකුලම, රඹෑවවැව පාර, මහකනදරාව, බෝගහයාය, කදුවටා පාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, මිහින්තලය නගරය, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්‍ෂ මාවත, වේලන්කුලම, ත්‍රිකුණාමලය පාර, කිරින්දේගම, ඉසුරු උයන, කුරුන්දන්කුලම සහ කන්නට්ටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුව බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමයේ පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ ජල සැපයුම අත්හිටුවන බවත් අවශ්‍ය ජලය රැස්කර ගන්නා ලෙසත් ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
අ‘පුර පැත්තකට 18 දා වතුර නෑ