IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අ‘පුර පො.ජ.පෙ. සහාය රනිල්ට

(බී.ජී. චතුරංග,යොහාන් බාසුර සහ සුජිත් හේවාජුලිගේ) 

කෙළෙහි ගුණ දක්වන මිනිසුන් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසට පොදු ජන එක්සත් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයේදී අති බහුතරයකගේ  එකඟත්වය පළ වු බව අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම් නායක,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන  මහතා සඳහන් කළේය.

අද (30දා) අනුරාධපුර කුරුන්දන්කුලම  චන්ද්‍රසේන මහතාගේ නිවසේ පිහිටි පොදු ජන එක්සත් පෙරමුණු දිස්ත්‍රික් කාර්යාලයේ පැවැත් වූ දිස්ත්‍රික්සම්මේලනයේදී  කණ්ඩායම් නායක චන්ද්‍රසේන මහතා ඇතුළු  පිරිස මෙම එකඟතාවයට පැමිණියහ.

මේ සඳහා උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන්  මහතා සහ දිස්ත්‍රික්කයේ සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, ,ආසන සංවිධායකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ප්‍රාදේශීය සභා නියෝජිතවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දෙසීයකට අධික පිරිසක් එක්ව සිටියහ.



අදහස් (11)

අ‘පුර පො.ජ.පෙ. සහාය රනිල්ට

මහසෙන් Tuesday, 30 July 2024 12:58 PM

තවත් දේශපාලන ශාපයක්!!!

:       0       0

Hafeel Tuesday, 30 July 2024 01:34 PM

අද මෙහම එකඟතාවයට ආවට, ඉදිරියේදී බලයට පත් වන මාලිමාවේ ආණ්ඩුව මාවිල් ආරු ගොවි වන්දි වංචා විමර්ශනය කරලියට ඒවි.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 01:44 PM

රනිල්ගේ අබුඩයේ එල්ලෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

:       0       0

ගමේ එකාලා Tuesday, 30 July 2024 02:30 PM

රනිල් ඉන්න තුරු දූෂිත දේසපාලුවන්ට නම් හොඳා... !

:       2       10

ආරියරත්න Tuesday, 30 July 2024 02:59 PM

2024 රට බේරගන්න ඉන්න විරුවා.. බැංකු හොරු...

:       4       3

Shirantha Tuesday, 30 July 2024 03:23 PM

අනුරාධපුරයේ අති බහුතර ජනතාව මාලිමාවට !!! ජාතික ජනබල වේගයට ජයවේවා..!!! අනුර කුමාර දිසානායක ජනාධිපති !!!

:       9       9

Rathnayaka Tuesday, 30 July 2024 03:28 PM

අනේ පලයන් මෝඩයා , චන්දෙන් පැරදිලා ඉස්සරවගේ අමුඩයක් ගහගෙන ගස් බඩ ගාන්න තමයි තමුසෙටයි මල්ලිටයි වෙන්නේ.අනුරාධපුරය පැත්තේ ගම්වල ගෙවල්වල කුකුල්ලු නැතිවෙන්න පටන්ගනියි ආයෙත්.

:       3       15

සෙනෙවිරත්න Tuesday, 30 July 2024 05:13 PM

මාවිල් ආරු හොරා, දන්නේ නැති අයට මතක් කරලා දෙන්නම්, එදා ප්‍රභාකරන් මාවිල්ආරු සොරොව්ව වහලා කුඹුරු වියළුණාම ඒකට දීපු රක්ෂණ වන්දි ගත්තා... බොරු නම් දාලා මෙයා ඒක ඔප්පු වුණා... පුතා පළාත් සභාවේ ඉන්නධ වංචාවක් කළා, රාජපක්ෂලාගේ පිහිටෙන් ඉන්නවා, එහෙම කරපු රාජපක්ෂලාට විරුද්ධව කටයුතු කරනවා කියන්නේ තිරිසන් වැඩක් තමයි..

:       2       9

JayanthaWednesday, 31 July 2024 11:45 AM

රාජපක්ෂලාට විරුද්ධ වෙලා නෑ. මේවා දෙගොල්ල අනෝන්‍ය අවබෝධයෙන් කරන්නේ.

:       0       1

de silva Friday, 02 August 2024 03:33 PM

කුණු ගොඩටම තමා කුණු එකතුවෙන්නේ

:       0       0

R.T. sarath Friday, 02 August 2024 03:37 PM

රාජපක්ෂලාට විරුද්ධ නැහැ.. බෙදී වෙන්වුණු පිල් දෙක පාර්ලිමේන්තු මැතිවරනෙන් පස්සේ සෙට් වෙනවා.. මේවා ඔක්කෝම බොරු මවාපෑම්, රනිල් රාජපක්ෂ ගෑවුණු කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site