(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,කුබිච්චන්කුලම වැව අසල මත්පැන් පානය කරමින් සිටියදී අතුරුදන් වු 35 හැවිරිදි ප්‍රංශ ජාතිකයා යාපනය දුම්රිය ස්ථානය අසලදී අද (28) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
පසුගිය 01 වැනි ප්‍රංශයේ සිට මෙරටට පැමිණි වයස අවුරුදු 35 ත් 40 ත් අතර වියේ පසුවන මිතුරියක හා මිතුරන් දෙදෙනෙකු ඔවුන්ගේ සංචාරය අතරතුර පසුගිය 25 වැනි දින අනුරාධපුර නගරයට පැමිණ කුබිච්චන්කුලම වැව ආසන්නයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන තිබිණි.
මෙම මිතුරන් තිදෙනා අනුරාධපුර කුබිච්චන්කුලම වැවේ සිරි නරඹා පස්වරු පහට පමණ වැව ආසන්නයේදි මධු විතක රස බැලීම ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
බොහෝ වේලාවක් මත්පැන් පානය කරමින් සිටියදි එක් මිතුරෙකු ආගිය අතක් නොමැති බවට ප්‍රංශ ජාතික මිතුරියටත් අනෙක් මිතුරාටත් වෙරි මත හේතුවෙන් අමතකව තිබිණි.
මොවුන් දෙදෙනා ශාරිරික අවශ්‍යතාවයකට වැව අසලට ගොස් සිටියදී වැවට ඇද වැටී ඔවුන්ගේ සෙරෙප්පු දෙකක් හා හිස් වැසුමක් ද වැවට වැටී තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.
දැඩි බීමත්කම හේතුවෙන් තමන්ට හෝටලය සොයා ගැනිමට අපහසුවු බවත් තමන් දුම්රියකට ගොඩවු බවත් ඉන් එහාට සිදු වුයේ කුමක්ද යන්න අමතක වු බවද පොලිස් නිලධාරින් විසින් සිදුකළ ප්‍රශ්න කිරිමේ දි ප්‍රංශ ජාතිකයා ප්‍රකාශ කර තිබිණි.
ඔහු මේවන විට යාපනය පොලිසියේ ආරක්ෂිතව රැදී සිටිති.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අ’පූරේ දී සූර් වූ ප්‍රංශ ජාතිකයා යාපනයෙන් හමුවෙයි
අමල් Tuesday, 28 January 2025 05:00 PM
මාලිමාවට ඡන්දය දුන් අයත්, දැන් හාල් පෝලිමේ ඉන්නේ මේ වගේ...!
ගුණරත්න Tuesday, 28 January 2025 05:52 PM
ලංකාවේ ගල් අරක්කු බිව්වොත් ඔහොම තමයි
Pradeep Kumara Tuesday, 28 January 2025 10:41 PM
කොහොමද ලංකාවේ බ්‍රෑන්ඩ්, ප්‍රංශෙ නෙමෙයි ලොවෙත් නෑ.