(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසට ආසන්නව පිහිටි කෘෂි රසායනික ද්‍රව්‍ය ගබඩාවක අද(29) හදිස්සියේ ඇතිවූ ගින්නකින් එම ගබඩාවේ කුටි 2ක් විනාශ වී ඇත.
ඊට යාබදව පිහිටි ඉන්ධන පිරවුම් හලට ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීහු ක්‍රියාකළහ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදු වූ අලාභය ගණන් බලා නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශන පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd