
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අද සමාජයේ විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් තම උපන්දිනය සමරන්නේ විශේෂයෙන් තෝරාගත් ස්ථානවලය. ඊට හාත්පසින්ම වෙනස් ස්ථානයක සිට සිය සහෝදර නිලධාරීන් සමග උපන්දිනය සැමරු අපූරු පොලිස් නිලධාරියෙක් පිළියන්දල පොලිසියේ රථවාහන අංශය ඉදිරිපිට දී අද කැමරාවට අසුවිය.
ඔහුගේ 22 වෙනි උපන් දිනය නිමිත්තෙන් තැනූ කේක් එක , මල් කළඹක් සහ ඡායාරූපයක් කොස්තාපල්වරයාව පුදුමයට පත් කරමින් කුරියට සේවාවක් හරහා මහනුවර පදිංචි පෙම්වතිය ඔහු වෙත ලැබීමට සැලසීමෙන් අනතුරුව මාසික පරීක්ෂණයට සූදානම්ව කාර්ය බහුල රාජකාරිය අතරතුර ලද ත්‍යාගය බයිසිකලයක් මත තබා සිය සහෝදර නිලධාරීන් ගේ සුභ පැතුම් මධ්‍යයේ කොස්තාපල් සුපුන් කුමාර කේක් ගෙඩිය කපා උපන්දිනය සැමරුවේ මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලියුට්
රටවැසියාගේ යහපත වෙනුවෙන් කොච්චර හොඳක් කළත් පොඩි වැරැද්දකට බැනුම් අහන්න පොලිසියේ නිලධාරින්ට මෙවැනි අවස්ථාවක ලැබෙන මානසික සුවය ඉතාමත් වටිනවා.. මගෙනුත් එම නිලධාරියාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා
අහන්නත් සතුටුයි , සුබ උපන් දිනයක් ඔබ තුමාට
සංවේදී අවස්ථාවක්...මේ සුහද ආදරණීය තත්ත්වය අනාගත දිවිය පුරාවට ගෙනයන්න දෙපලටම ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.. ... ජයවේවා...
පත්තරේ දාන්න තරම් දෙයක්ද මේ
දැන් මේවා අලුත් දේවල් නෙමෙයි... ලංකාවේ හැමතැනම දැන් කපන්නේ පුදුමකරවීමේ උපන්දින කේක් තමයි
සාදර අනුග්‍රහය වෙන්න පුළුවන් 1. බස් රථ හෝ ත්‍රීරෝද රථ රියදුරෝ 2. කුඩු කසිප්පු හෝ ගංජා මුදලාලි කෙනෙක් 3. පස් හෝ වැලි ජාවාරම් කරන අය 4. නීතිවිරෝධීව සම්බාහන මධ්‍යස්ථාන කරන අය 5. මොනම හෝ නීතිවිරෝධීව හම්බ කරන පුද්ගලයන්