
(ජේ.ඉඳුරුවගේ )
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවකයන් ලෙස ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබා ගැනීම සදහාවූ නීතිඥ සංචිතයක් පිහිටුවීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ළමා අපයෝජන වින්දිතයන් වෙනුවෙන්වු නඩු සඳහා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමත් බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වලක්වා ගනිමින් කටයුතු කිරීමත් එම සංචිතයේ නීතිඥවරුන්ගෙන් අපේක්ෂා කරන අතර සියලු වෘත්තිය වියදම් හා ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දැරිය යුතු බව එම අධිකාරිය සඳහන් කරයි.
නීතිඥවරයෙකු ලෙස අවු 10 කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් සහිත මහේස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු සදහා පෙනී සිටීම පිළිබද පළපුරුද්දක් ඇති සුදුසුකම් සහිත නීතිඥවරුන්ගෙන් මේ සඳහා අයදුම්පත් කැඳවා ඇතැයිද එම අධිකාරිය පැවසීය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අපයෝජනයවූ වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් රකින්න නීතිඥ සංචිතයක්
Kamal Monday, 03 February 2025 10:40 AM
බොරු පැමිණිලි දමන්නන්ගේ විස්තර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලබා නොදීම සම්බන්ධව එම ආයතනයට විරුද්ධව ගත හැකි නීතිමය පියවර මොනවා දැයි දන්නා අය පවසන්න.