
(අංජුල මහික වීරරත්න)
අපනයන අභියෝග ජයගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී දේශීය නිෂ්පාදනය ශක්තිමත් කර ගනිමින් අපනයනය ප්‍රමුඛ කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම එහිදී මතුව ඇති අභියෝග ජයගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
අපනයන ක්ෂේත්‍රයේ උන්නතියට ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා සහ සැලසුම්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපනයන වෙළෙඳපොළ ජයගන්න දිගු කාලීන සැලැස්මක්
යෝගා Wednesday, 28 May 2025 01:42 PM
ජෙප්පන්ට මුල ඉඳලාම දිගුකාලීන සැලැස්මක් තිබුණා. ඒකයි සෑම කර්මාන්ත ශාලාවකම කඩාකප්පල්කාරී වෘත්තීය සමිති පිහිටෙව්වේ...
සෙනෙ Wednesday, 28 May 2025 03:26 PM
මේ ඈයෝ නේද මයික් පැලුවේ ' අපට හැම දේටම වැඩපිළිවෙළක් තියනවා' කියා.
රම්බොඩ Wednesday, 28 May 2025 03:11 PM
කතාව හඳ අල්ලන්න. රට ඇතුළේ තියෙන කර්මාන්ත ශාලාත් වැහෙනවා. බදු ගෙවලා ලයිට් බිල ගෙව්වාම පඩි ගෙවාගන්න විදිහක් නෑ. අයිතිකාරයින් ඒවා වහලා දානවා...