
(සුජිත් හේවාජුලිගේ)
ජනපති අපේක්ෂකයා එළියෙන් එනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අගමැතිකම දෙනවනම් පක්ෂය සමග මිස තමා සමඟ කතා කිරීමෙන් පලක් නැතැයිද ඔහු කීවේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය කළ විමසුමකදීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය
අද මැතිවරණ කමිටු පිහිටු වීම , කාර්යාල දැමීම , ගෙන් ගෙට යෑ ම වැනි දෑ ගැන සාකච්ඡා කළා. පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කළේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ දේශපාලන මණ්ඩලයයි.
මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ රටට ගැලපෙන අපේක්ෂකයා තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනකු විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුළ පක්ෂයට තිබෙන තැන ගැන අපි තීරණය කළ යුතු වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසඳුමක් නැහැ... රට මංකොල්ල කන්න සියලු තක්කඩින් එකතු වෙනවා...
මේකට නම් දැන් හොඳටම පිස්සු වගේ. ඡන්දෙන් දිනනවා තියා හතර මායිමකටවත් එන්න බැරුව තියෙද්දී තව අගමැතිකමක් ගැනත් දොඩවනවා. මිනිහාට දැන් නුහුගුණ හැදිලා වගේ නේද මේ විකාර දොඩවන්නේ? හිනාවෙලා පණ යනවා මේවා අහලා...
අපෙත් ඡන්ද පහක් හයක් පමණ තියෙනවා. ඒවා දෙන්නේ අපේ කෙනෙකුට ඇමැති තනතුරක් දෙනවා නම් පමණයි හොඳේ... අපි එහෙම කරන්නේ ඔහේලා ඡන්දය අරගෙන 2005 න් පස්සේ ඇතිවෙන හත්මුතු පරම්පරාවට ඇතිවෙන්නම හම්බකරගෙන සිටින නිසා තමයි අපිට නම් හත්මුතු පරම්පරාවට අවශ්‍ය නැහැ.. ඒක මහා පව්කාර වැඩක්. අපි ජීවත්වෙනතුරු සැපෙන් සතුටින් හිටියා නම් හොදටම ඇති...
ගෙම්බෙක් ගිය උඩක්...!
"අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන" කියන්නේ ඉතින් ඔහෙලාගේම අතකොළුවක් වෙන්න ඕනෑනේ. අප්පලා, පුතාලා, බාප්පලා, ලොකු තාත්තලා රටට මේ කරපු හරිය දැන්වත් ඇති කියලා හිතෙන්නේ නැද්ද? අඩුම තරමින් හිරිකිතයක් කියලා දෙයක් නැද්ද?
හරි හරි කොල්ලෝ, කතාව නවත්වලා ඉක්මනින් ඡන්දෙ තියපන්කෝ
ඒවා හරියන්නේ නෑ. අගමැති වෙන්නේ වජිර අබේවර්ධන.. දැන්ටම පෝස්ටර් හදලා ඉවරයි. පොහොට්ටුවට ඕනෑ නම් ඇමැතිධුර දෙන්නම්...
රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ උන්ට තවත් බලතණ්හාව අගමැති පැනලා ගිහින් හැන්ගුන හැටි මතක නැතුව ඇති .ආර්ථික ඝාතකයෝ එකෙක් නෑර හැම එකාම ඉන්ඩ ඕනේ හිරේ ?
ඕනෑ යකෙක් පත්කර ගනිල්ලා, අපේ මොකෝ, හැබැයි අපි ඡන්දෙ දෙන්නේ වෙන යකෙකුට. අපට දැන් ඕනැ විසෙන් විෂ නසන්න පුලුවන් එකෙක් ජනපති කමට.
ඔව්, ජනාධිපති කෙටි කාලයක් තුළ හදිසි අනතුරකින් මිය ගිය පසු, පක්ෂ අගමැති ඉබේම ජනාධිපති වනු ඇත, නාමල්ට කෙටි මග.
මේ අමු මෝල් මැට්ටා ගේ හිතක තියන මහිම
හරි හරි. අපි පුලුවන් දෙයක් බලලා කරන්නම්.
බල තණ්හාව නිසා මොළෙත් අවුල්වෙලා වගේ. ආයේ මෙරටේ දේසපාලනය කරන්න හිතන්නවත් එපා. දැන් ඇති මේ රටට කොරපු හරිය... මේ මිනිස්සු කියන දේවල් වලට ලැජ්ජාවක් හිතෙන්නෙම නැද්ද?
ඔය කියන විදියට නම් වැඩේට හරියන්නේ රත්තරන්. අර නාවලපිටියේ කාපිරි තොල දාන්න බැහැනේ.ඌ දැනටම රනිල් රාජපස්සයට හේත්තු වෙලානේ.
දැන් නම් නියම හිඟන තත්වයට වැටිලා
මහ චන්දෙදී ඉස්සර හිටපු එකෙකුටවත් චන්දෙ නෑ
රටේ ආර්තිකය මුලුමනින්ම විනාශ කරපු එවුන් කියන කතා, හොර පෙරකදෝරුවට විකාරද මන්දා. පවුල් පාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කපටි කයිරාටික කම් බොරුව, රැවැටිලි, මිස වෙන මොනවාද? ආර්ථික ඝාතකයෝ සදහටම හිරගෙදර ඉන්න ඕනෑ අය. අගමැතිකම ගැන කතාව කිසිම ලැජ්ජාවක් නැතිකම...
ඒකා එන්නෙ අප්පුච්චගේ රෙද්ද පල්ලෙන්...!