IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අපේක්ෂා රෝහලට පැමිණෙන්නන්ට ලංගම බස් රථ සේවාවක්

(ඩයනා උදයංගනී)

මහරගම, අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් වෙනුවෙන් ලංකා ගමනා මණ්ඩලයෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා පොදු ප්‍රවාහණ සේවාවල ඇතිවූ ගැටලු හේතුවෙන් අපේක්ෂා රෝහළේ පැවැත්වෙන සායන සඳහා දිනපතා පැමිණෙන රෝගීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවට පත්වන බැවින් මෙම පියවර ගත් බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම ප්‍රවාහන සේවාව පෙරේදා (8) සිට ක්‍රියාත්මක බවත් රෝහලට පැමිණෙන රෝගීන් විසින් ‘අපේක්‍ෂා එක්ස්ප්‍රස්’ යනුවෙන් නම් තබා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා දිවයිනේ සෑම පළාතක සිටම පැමිණෙන රෝගීන් වෙනුවෙන් මෙම බස් සේවාව ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම මෙම රෝගීන්ට ලබාදෙන ඇතැම් ඖෂධ අවම උෂ්ණත්වයක් යටතේ තබා ගත යුතු හෙයින් මෙම බස් රථ තුළ ඒ සඳහා ශීතකරණ පහසුකම් ද ස්ථාපිත කර ඇතැයි ඇමතිවරයා කීවේය.

දැනට මෙම බස් රථ මගින් මාතලේ, නුවරඑළිය, අනුරාධපුර, හගුරන්කෙත, මහනුවර නිකවැරටිය, ගොඩකවෙළ, ගල්ගමුව, මුලතිව් වැනි දුර බැහැර ප්‍රදේශවල සිට දිනපතා රෝගීන් ප්‍රවාහනය කෙරෙන බව කී ඇමතිවරයා සෙසු දිස්ත්රිරක්කවල සිටින රෝගීන් ද ඉල්ලීමක් කරන්නේ නම් ඔවුන් සඳහා ද මෙම බස් රථ සේවාව ලබාදීමට පියවර ගන්නා බව කීවේය.

කොවිඞ් 19 වසංගත තත්ත්වය නිමා වූ පසුවත් අපේක්ෂා රෝහලට සායන සඳහා දුරබැහැර සිට ගමන් කරන රෝගින්ට මෙම ප්‍රවාහණ පහසුකම දිගින් දිගටම ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.



අදහස් (3)

අපේක්ෂා රෝහලට පැමිණෙන්නන්ට ලංගම බස් රථ සේවාවක්

ERANTHA Wednesday, 10 June 2020 06:03 AM

ඉතාම හොඳ වැඩක්, පෞද්ගලික බස් මාෆියාවට යට නොවී දිගටම කරගෙන යන්න.

:       0       30

Kamal Koyrala Wednesday, 10 June 2020 06:12 AM

බොහොම හොඳ ක්‍රියාවක් ඇමතිතුමා බෙහෙත් සඳහා පමණක් ශීතකරණයක් වැඩ හොඳ වායුසමනයකරනලද බස්රථ යොදවා ගත්තනම් ඒසී බස් ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.. ඒවා ගැන සලකා බලන්න..

:       0       14

Ranjith Wednesday, 10 June 2020 08:57 AM

නුවරඑළිය ඩිපෝවෙන් රෝගීන්ගේ බෙහෙත් ගෙනයාමට ශීතකරණයක් සහිත බස් රථයක් යොදවා ඇතිබව දැනගන්නට ලැබුණා. මෙවැනි සේවාවන් වැඩි දියුණු කරන්න.. බස් මාෆියාවට යට නොවී දිගටම කරගෙන යන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site