IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි

(සුජිත් හේවාජුලිගේ)

මහරගම  අපේක්ෂා රෝහල සඳහාවූ  පරිත්‍යාග ගිණුමේ තිබූ  රුපියල් කෝටි හතළිහක අරමුදල්  2022 හා 2023 වර්ෂයන්හිදී කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ අතර ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස  ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට  ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බවද එම  වාර්තාවෙ  දැක්වෙ

විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇතැයි පැවසෙන්නේ 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය.

මේ අතර කොළඹ රීජ්වේ  ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද  අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව එහි සඳහන්වේ.

ලිට්ල් හාට් ව්‍යාපෘතිය  යටතේ  කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහල සඳහා මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද  2023  වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි අටක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.


 



අදහස් (4)

අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි

ජගත් ලියනගේ Wednesday, 05 February 2025 08:16 AM

බෙහෙත් ගන්න සල්ලි නැතුව අසරණ රෝගීන් මැරනවා. ඇයි ඒ සල්ලි යොදවල ඒ වගේ ලෙඩ්ඩුන්ට බෙහෙත් අරන් දෙන්නෙ නැත්තේ?

:       0       9

නිසල් Wednesday, 05 February 2025 08:19 AM

ඔය පරිත්‍යාග වශයෙන් ලැබෙන ආධාර මුදල් ඍජුව ලැබෙන්නෙ රෝහලට. රෝහල් වල අධ්‍යකෂ තනතුර සහ පරිපාලනය හොබවන්නෙ වෛද්‍යවරු. බහුතර දොස්තරල කැමති නෑ රජයේ රෝහල් වල බෙහෙත් තියෙනවට සහ දියුණුවෙනවට. එහෙම උනොත් එයාලගෙ පුද්ගලික රෝහල් වල කරන සැත්කම් බෙහෙත් විකිනීම් ආදිය බහුතරයක් අඩු වෙනව. ඒ නිසා ඕවගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව අත ඇරල දානව. වැරද්ද දේශපාලකයන්ගෙ විතරක්ම නෙවෙයි. මෙවැනි නිලධාරීනුත් වග කියන්න ඕනි.

:       1       21

Lalla Wednesday, 05 February 2025 10:55 AM

සෞඛ්‍ය අමාත්‍යාංශය අත නොදාන්නේ ඇයි?

:       0       9

විපරමා Wednesday, 05 February 2025 01:45 PM

රෝහලකට ගියාම දකිනවා අසරණ ලෙඩ්ඩු වින්දින අමාරුව. පරිත්‍යාගශීලීන් දෙන මුදලින් ලෙඩුන්ට අවශ්‍ය බෙහෙත් වගේම අනිකුත් පහසුකම් සළසන්ඩ බැරිකමක් නැහැනේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site