
(ප්‍රියන්ත ජයලත්)
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වන බව රෝගීහු පවසති.
විකිරණ ප්‍රතිකාර සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට රෝගීන් පැමිණෙන බවත් ඇතැම් රෝගීන් කුලී රථවලින් පැමිණෙන බවත් මෙසේ ප්‍රතිකාර නොකර හරවා යැවීමෙන් එම රෝගීන් දැඩි අසරණතාවයකට පත් වන බව ඔවුහු පවසති.
ඇතැම් රෝගීන් තාවකාලික නවාතැන්පොළවල් කුලියට ගෙන එම ප්‍රතිකාර සඳහා දිනපතා පැමිණෙන අතර එම හේතුව නිසා ඔවුන්ට අධික මුදලක් දැරීමට සිදු වී ඇති බවත් මෙසේ ප්‍රතිකාර ඒකකය වසා ඇති බවට රෝගීන්ට පෙර දැනුම් දීමක් නොකල බවත් රෝගීන් පවසති.
මේ පිලිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකර එම විකිරණ ප්‍රතිකාර ඒකකයේ විදුලි කාර්මික දෝශය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසට රෝගීන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් අප කල විමසමක දී මෙසේ පැවසීය.
විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් නිසා වරින්වර විදුලිය ඇණ හිටිනවා.
ඒ නිසා විකිරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න අපහසු වෙලා තියෙනවා.මේ සම්බන්ධව මට අද තමයි දැනුම් දුන්නේ. මම අපේ රෝහලේ විදුලි කාර්මික ශිල්පීන් ඒ සඳහා යොමුකරලා යථා තත්වයට පත් කරනවා.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකය දින තුනක් වහලා
Vipulasiri Friday, 03 January 2025 07:00 AM
රෝහලේම විදුලි කාර්මිකයින් ඉන්නවානම් රෝහල් අධ්‍යක්ෂ දැනුවත් කරන්නෙ මොකටද වෙලා තියෙන්නෙ විදුලි කාර්මිකයින් තමන්ගෙ රාජකාරි පැහැරහැරීමක් පමණයිනේ .
අරුණී Friday, 03 January 2025 08:12 AM
මීට පස්සේ රෝහල්වල අවශ්‍යතා ගැන සංවේගි නොවන ලෙසත්, ඒ සියලු දේ රජයෙන් බලාගන්නා බව සෞඛ්‍ය ඇමැති කිව්වානේ. බොහොම හොඳයි. රජයේ කිසිම රෝහලක් වෙනුවෙන් තවත් අරමුදල් රැස් කිරීමේ වැඩසටහන් හෝ ආධාර නැත. නව රජයකදී නැවත අපිට රෝගීන් ගැන සංවේගී හැඟීම් ඇතිවුනොත් ඒ කාලයකදී බලමු
අරවින්ද මොනරවිල Friday, 03 January 2025 11:36 AM
රටේ ප්‍රශ්න විසදෙනවට අකමැති දේශපාලුවන් විතරක් නොවෙයි අපේ හාමුදුරුවනේ, උන්ගේ වහලුනුත් එහෙම තමයි.
sbFriday, 03 January 2025 12:21 PM
කියපු දේ හරියට තේරුම් ගන්න බැරිවුණ ඔබලා වැනි අයත් සමග මේ රට දියුණු කරනවා කියලා හිතීමත් විහිළුවක්...!
කයිය Friday, 03 January 2025 09:19 AM
76 වසරක සාපය හැබැයි කාර්මික දෝෂයට දින තුනයි.ඇමතිගෙ කයිය විතරයි.
අරවින්ද මොනරවිල Friday, 03 January 2025 10:29 AM
මෙයා මරු රෝහල් අධ්‍යක්ෂකනේ, මෙතරම් දෙයක් වෙලාත් දන්නේ නැහැ කියනවා නම්, මේවගේ සිදුවිමක් ඇති උනාම රටේ සෞඛ්‍ය ඇමති දක්වා මේක වාර්තා වෙන්න ඕනා. ඒක එහෙම නෙවුනු එක ගැන කරුණාකර සෞඛ්‍ය ඇමැතිතුමා මේ ගැන හොයලා බලන්න. නැත්නම් පුරුද්දට බුක් ගාන මහත්වරු කළබල වෙලා.