
(අංජුල මහික වීරරත්න)
ශ්‍රි ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා බහරේනයේ රැකියා සඳහා පුළුල් අවස්ථා ලබාගත හැකි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය .
ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් සංවිධානය කර තිබු බහරේනයේ ක්‍රියාත්මකවන බලපත්‍රලාභී බඳවාගැනීමේ ආයතනවල නියෝජිතයින් සමග අන්තර් ක්‍රියාකාරී ජාලකරණ සැසියට සහභාගි වෙමිනි.
ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ද්වි පාර්ශවික සහයෝගිතාව ශක්තිමත් කිරීම හා බහරේනයේ සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ සුභසාධනය හා ආරක්ෂාව වැඩිදියුණු කිරිමේ අරමුණෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා කාර්යාංශ සභාපති එරට සංචාරයක නිරත විය. විදේශ රටවල සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් හා ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැපවී සිටින බව කී සභාපතිවරයා බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා බඳවාගැනීමේ නියෝජිතායතනවල අඛණ්ඩව සහයෝගය හා සම්බන්ධතාවය අගය කළේය.
මෙහිදී අදහස් දැක්වූ බහරේනයේ ශ්‍රි ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය, විදේශයන්හි පුහුණු ශ්‍රම බලකාය පුළුල් කිරීමට හා රැකියා ප්‍රමාණය වැඩිදියුණු කිරීමට ශ්‍රි ලංකාව දරණ උත්සහයට අනුකූලව, පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවාගැනීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපේ ශ්‍රමිකයන්ට බහරේනයේ කැමැත්ත
fairoos Wednesday, 28 May 2025 05:39 PM
ඉතාම හොඳයි.