(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
නියෝජ්‍ය ඇමතිවරයාට ආශිර්වාද කිරිම සදහා අක්මිමන, අන්දායම්ගොඩැල්ල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද කිරිමේ පිංකමට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය. නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය.
එදා ප්‍රතිපත්තියම තමයි අපි අනුගමනය කරන්නේ. අපි 159 දෙනාම වැටුප ගන්නේ නැහැ. අපේ මැති ඇමතිවරුන්ගේ වැටුප පොදු අරමුදලකට බැර කරණවා. ඒම පොදු අරමුදලෙන් ජනතාවට යමක් කිරිමට තියෙනවානම් එකත් අපි කරණවා. ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වරප්‍රසාද නැහැ. ජනතාවට බරක් නෙවෙන්න වැඩකළ යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහලා බැඳලත්, බැඳලා ගැහුවත් දෙකම එකයි රත්නයෝ.. කිව්වේ කොහොමද අන්තිමට...? වෙන්නේ මොකක්ද කියලා නම් අපි නම් කලින්ම දැනගෙන හිටියා.. ඔක්කෝම කයියනායකලා තමයි..
පොදු අරමුදල කියන්නේ ඔයාලාගේ පක්ශෙ අරමුදල. ඒකෙන් රටේ මිනිස්සුට වෙච්චි දෙයක් නැහැ. වෙන දේකුත් නැහැ. එ නිස වැටුප් නොගෙන ඉන්න. එක භාණ්ඩාගාරෙන් වෙන දේකට දේවි. මොවුන්ගේ කපටි කම්, බොරුවලට හැමදාම අහුවෙයල්ලා...
එතකොට මේ අයගේ එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය මුදල් ලැබෙන්නේ කොහෙන්ද? කොහොමද? කොපමනද?
එතකොට පක්ෂ අරමුදලට යන්නේ මහජනතාවගේ සල්ලි නෙමේද? පක්ෂ අරමුදලෙන් ඔබලාට ගෙවන්නේ නැතිද? අනේ දන්නේ නැති නිසයි අහන්නේ. ගමේ නම් මේකට කියන්නේ වමෙන් දීල දකුණෙන් ගන්නවා කියලා...!
බොරුව මොන විදියෙන් කිව්වත් බොරුම තමයි ! ඔයාලාගේ පක්ශෙ අරමුදලටනේ දාන්නේ.. පක්ශෙන් ආයෙත් ඒකම ඔයාලාට දෙනවානේ.. හිතන්න එපා එදා වගේ හැමදාම මොඩයි කියලා...!
පොදු ෆන්ඩ් එක නෙවෙයි, මහා භාණ්ඩාගාරයට කියන්න ඔයාලාගේ සැලරි එක ඔයාලාගේ ගිණුම්වලට ඩිපොසිට් කරන්න එපා කියලා. මොකද දැන් හොර වැඩ කරන්න කවුරුවත් නැහැනේ මහා භාණ්ඩාගාරයේ...
ඇමති, නි. ඇමති වැටුප් නෑනේ.. මන්ත්‍රී වැටුප් ගන්නවනේ... ඒක හැමදාමත් ගත්තා... හැබැයි ඒවා ගියේ පොදු අරමුදලකට... එම අරමුදලෙන් පක්ෂයේ ඉදිරි පෙළ, යටි පෙල සහ දායක වෙන සියලු අය බලා ගන්නවා... ඒ කියන්නේ සියලු දෙනාගේ වියදම් පොදු අරමුදලෙන් දරනවා.. ඒක තමයි ඒ පක්ෂයේ තිබුණු විනය... ඒක එලෙසම ආරක්ෂා විය යුතුයි.. ඒ විනය තුළින් තමා පක්ෂයේ සාමූහිකත්වය සමගිය ආරක්ෂා වෙන්නේ...!
අපේ වැටුප් පොදුඅඅරමුදලට පොදු අරමුදලෙන් අපට කොහොමද වෙනස දැන් සැපද? JVP වහල්ලුන්ට මොවුන් හැමදාම කලේ මේක තමා. ගොන්නු රැවටුණා.
තමන්ට හිමි වැටුප පමණක් නොව ව්‍යාපෘති / ඉදිකිරීම්වලින් කෝටි ගණන් මුදල් යටි මඩි ගසා රට බංකොලොත් කරන තුරු කට නොහෙල්ලූ අය... පොදු අරමුදල මගින් පාසල් පුස්තකාල වැනි ප්‍රජා සේවාවන් වූ බව නොදන්නවා සේ කතා කිරීම... මෙතෙක් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් සිටි නිසා මහා පරිමාණ වැඩ නොවූ බව සිහිකළ යුතුයි.
පක්ෂ පාට පැත්තක දමලා අවංකව සිතලා බලන්න. හොරකම්, වංචා, දූෂණ නැතුව අවංකව මහන්සිවෙලා වැඩකරන මන්ත්‍රී කෙනෙකුට වැටුපක් දීමේ සහ ඔහුට හෝ ඇයට අදාල EPF /ETF එක ගෙවීමේ වරද කුමක්ද? එහෙම නැතිව එම මනුස්සයා ජීවත්වෙන්නේ හොර පොල් කඩලාද? එහෙම නැතිනම් ජොනීලා වගේ ස්කාගාර බාර් පර්මිට් වලින් ලැබෙන මුදලින්ද? එම මනුස්සයාගේ වැටුප මොකටද පක්ෂෙකට ගන්නේ? වැටුප පක්ෂෙට දුන්නත් එම මනුස්සයාට දුන්නත් අන්තිමට ගෙවන්නේ රටේ බදු ගෙවන ජනතාව...
මුට්ටියට දොවා හට්ටි වලට බෙදා, ඔය කතා හොඳයි 69 ලක්ෂයේ මොන්ගල්ලාට...!
හරි හොඳයි ස්වේච්ඡා සේවය, ඇමැති කාර්ය මණ්ඩල එහෙමත් අඩු කරලා වියදම් තව කපනවා නම් හොඳයි. අපිට ආදර්ශයට ගන්න පුළුවන් ආජන්ටිනාවේ ජනාධිපතිතුමා හාවියේ මිලේ (Javier Milei).