(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
නියෝජ්‍ය ඇමතිවරයාට ආශිර්වාද කිරිම සදහා අක්මිමන, අන්දායම්ගොඩැල්ල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද කිරිමේ පිංකමට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය. නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය.
එදා ප්‍රතිපත්තියම තමයි අපි අනුගමනය කරන්නේ. අපි 159 දෙනාම වැටුප ගන්නේ නැහැ. අපේ මැති ඇමතිවරුන්ගේ වැටුප පොදු අරමුදලකට බැර කරණවා. ඒම පොදු අරමුදලෙන් ජනතාවට යමක් කිරිමට තියෙනවානම් එකත් අපි කරණවා. ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වරප්‍රසාද නැහැ. ජනතාවට බරක් නෙවෙන්න වැඩකළ යුතුයි.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
බණ්ඩා Sunday, 24 November 2024 09:12 AM
ගහලා බැඳලත්, බැඳලා ගැහුවත් දෙකම එකයි රත්නයෝ.. කිව්වේ කොහොමද අන්තිමට...? වෙන්නේ මොකක්ද කියලා නම් අපි නම් කලින්ම දැනගෙන හිටියා.. ඔක්කෝම කයියනායකලා තමයි..
වික්‍රම විදුරSunday, 24 November 2024 03:01 PM
බං ගොන්ඩා පක්ෂ අරමුදල තිබුණු නිසාම තමයි එක එකාගෙන් කප්පම් ගන්නේ නැතුව ජාවාරමුන්ගෙන් ඩීල් දාන්නේ නැතුව ඔලුව කෙලින් තියාගෙන ජනාධිපතිවරණයට මහ මැතිවරණයට වියදම් කලේ මට නම් ඒ්කත් පොදු යහපතක් විදිහට පේන්නේ.. ඇත්තටම මෙයාලාට කිව්වොත් අභියෝග කලොත් මෙයාලා ස්වච්ඡාවෙන් කරපු දහස් ගණන් ශ්‍රමදාන වල ෆොටෝ දාවි... ඒ එයාලා ඒ්වා ප්‍රසිද්ධ කර කර කරන්නේ නැති නිසා.. ඒක එයාලාගේ ප්‍රතිපත්තිය නිසා. ඇරත් ඊයේ අර අරචුනා කියලා දොස්තර ඩීල් දාන්න කතා කරපු දෙමළ දොස්තර නෝනාත් කියනවා එයා වෛද්‍ය වෘත්තිය අතෑරලා ස්වේච්ඡාවෙන් පක්ෂයට වැඩ කරනවා. සමහර වෙලාවට යාලුවන්ගෙන් ටිකට් අරං බස්වල යන්නේ කියලා.. එයාලා ඔක්කොම එකවගේ ප්‍රතිපත්ති ගරුක මිනිස්සු කියලා හොඳටම ඇති ඒ ටික. මමත් ඒ ප්‍රතිපත්ති වල ඉන්නේ. නමුත් මම පක්ෂයේ නැහැ. හොරුන්ට නම් මේවා මැජික්...!
Randuru Sunday, 24 November 2024 10:18 AM
පොදු අරමුදල කියන්නේ ඔයාලාගේ පක්ශෙ අරමුදල. ඒකෙන් රටේ මිනිස්සුට වෙච්චි දෙයක් නැහැ. වෙන දේකුත් නැහැ. එ නිස වැටුප් නොගෙන ඉන්න. එක භාණ්ඩාගාරෙන් වෙන දේකට දේවි. මොවුන්ගේ කපටි කම්, බොරුවලට හැමදාම අහුවෙයල්ලා...
Perera Sunday, 24 November 2024 10:27 AM
එතකොට මේ අයගේ එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය මුදල් ලැබෙන්නේ කොහෙන්ද? කොහොමද? කොපමනද?
සිල්වා Sunday, 24 November 2024 01:53 PM
මෝඩයෝ ඉන්න රටක කපටින්ට රජ මගුල්...
පිනා Sunday, 24 November 2024 11:08 AM
එතකොට පක්ෂ අරමුදලට යන්නේ මහජනතාවගේ සල්ලි නෙමේද? පක්ෂ අරමුදලෙන් ඔබලාට ගෙවන්නේ නැතිද? අනේ දන්නේ නැති නිසයි අහන්නේ. ගමේ නම් මේකට කියන්නේ වමෙන් දීල දකුණෙන් ගන්නවා කියලා...!
Nilantha Sunday, 24 November 2024 01:42 PM
ගැටකපන්නෝ නැත්නම් පික්පොකට් කාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා බස්වලට නගිනවා. නැත්නම් සෙනඟ විශාල වශයෙන් ගැවසෙන තැන්වල තෙරපීම ඇතිකර සාක්කු සුද්ද කරනවා එහෙම කරපු කෙනා ඊළඟට එකාට දෙනවා. එයා ඒක තව කෙනෙකුට මාරුකර වැඩේ ජයටම කරනවා අන්තිමේ ඔක්කෝමලා එකතුවෙලා බෙදාගෙන කනවා. ඕක තමයි අපි රජයෙන් වැටුප් ගන්නේ නැහැ කිව්වාට ඇත්තටම සිදුවෙන්නේ... එම මුදලින් දිනන තුරුම කෙල හලාගෙන ඉන්න එවුනුත් යැපෙනවා ඇති... කොහොම වුණත් මෙවර තේරී පත්වූ කෙල්ලෝ කොල්ලන්ට වැඩිකලක් නොයාම සත්‍යම තත්වය තේරුම් ගන්න පුළුවන් වේවි...!
Surain Sunday, 24 November 2024 12:07 PM
බොරුව මොන විදියෙන් කිව්වත් බොරුම තමයි ! ඔයාලාගේ පක්ශෙ අරමුදලටනේ දාන්නේ.. පක්ශෙන් ආයෙත් ඒකම ඔයාලාට දෙනවානේ.. හිතන්න එපා එදා වගේ හැමදාම මොඩයි කියලා...!
Kazi Shajahan Sunday, 24 November 2024 12:25 PM
පොදු ෆන්ඩ් එක නෙවෙයි, මහා භාණ්ඩාගාරයට කියන්න ඔයාලාගේ සැලරි එක ඔයාලාගේ ගිණුම්වලට ඩිපොසිට් කරන්න එපා කියලා. මොකද දැන් හොර වැඩ කරන්න කවුරුවත් නැහැනේ මහා භාණ්ඩාගාරයේ...
මම Sunday, 24 November 2024 01:51 PM
ඇමති, නි. ඇමති වැටුප් නෑනේ.. මන්ත්‍රී වැටුප් ගන්නවනේ... ඒක හැමදාමත් ගත්තා... හැබැයි ඒවා ගියේ පොදු අරමුදලකට... එම අරමුදලෙන් පක්ෂයේ ඉදිරි පෙළ, යටි පෙල සහ දායක වෙන සියලු අය බලා ගන්නවා... ඒ කියන්නේ සියලු දෙනාගේ වියදම් පොදු අරමුදලෙන් දරනවා.. ඒක තමයි ඒ පක්ෂයේ තිබුණු විනය... ඒක එලෙසම ආරක්ෂා විය යුතුයි.. ඒ විනය තුළින් තමා පක්ෂයේ සාමූහිකත්වය සමගිය ආරක්ෂා වෙන්නේ...!
චන්දන පෙරේරා Sunday, 24 November 2024 02:34 PM
අපේ වැටුප් පොදුඅඅරමුදලට පොදු අරමුදලෙන් අපට කොහොමද වෙනස දැන් සැපද? JVP වහල්ලුන්ට මොවුන් හැමදාම කලේ මේක තමා. ගොන්නු රැවටුණා.
අනා Sunday, 24 November 2024 04:12 PM
තමන්ට හිමි වැටුප පමණක් නොව ව්‍යාපෘති / ඉදිකිරීම්වලින් කෝටි ගණන් මුදල් යටි මඩි ගසා රට බංකොලොත් කරන තුරු කට නොහෙල්ලූ අය... පොදු අරමුදල මගින් පාසල් පුස්තකාල වැනි ප්‍රජා සේවාවන් වූ බව නොදන්නවා සේ කතා කිරීම... මෙතෙක් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් සිටි නිසා මහා පරිමාණ වැඩ නොවූ බව සිහිකළ යුතුයි.
pjMonday, 25 November 2024 03:45 AM
ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට බලද්දී පෙරළමින්, විදේශ විශ්ව විද්‍යාලවලට තාම ළමයින් යැව්වේ නොමිලේද?
de silva Sunday, 24 November 2024 08:25 PM
පක්ෂ පාට පැත්තක දමලා අවංකව සිතලා බලන්න. හොරකම්, වංචා, දූෂණ නැතුව අවංකව මහන්සිවෙලා වැඩකරන මන්ත්‍රී කෙනෙකුට වැටුපක් දීමේ සහ ඔහුට හෝ ඇයට අදාල EPF /ETF එක ගෙවීමේ වරද කුමක්ද? එහෙම නැතිව එම මනුස්සයා ජීවත්වෙන්නේ හොර පොල් කඩලාද? එහෙම නැතිනම් ජොනීලා වගේ ස්කාගාර බාර් පර්මිට් වලින් ලැබෙන මුදලින්ද? එම මනුස්සයාගේ වැටුප මොකටද පක්ෂෙකට ගන්නේ? වැටුප පක්ෂෙට දුන්නත් එම මනුස්සයාට දුන්නත් අන්තිමට ගෙවන්නේ රටේ බදු ගෙවන ජනතාව...
Gamini Sunday, 24 November 2024 11:42 PM
මුට්ටියට දොවා හට්ටි වලට බෙදා, ඔය කතා හොඳයි 69 ලක්ෂයේ මොන්ගල්ලාට...!
ගුණරත්න Monday, 25 November 2024 11:50 AM
හරි හොඳයි ස්වේච්ඡා සේවය, ඇමැති කාර්ය මණ්ඩල එහෙමත් අඩු කරලා වියදම් තව කපනවා නම් හොඳයි. අපිට ආදර්ශයට ගන්න පුළුවන් ආජන්ටිනාවේ ජනාධිපතිතුමා හාවියේ මිලේ (Javier Milei).