
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළේය.
දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී පවසා ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඉතාලි තානාපතිවරයා මෙම අදහස් පළකර තිබිණි.
ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස එම සාකච්ඡාවේදී විජිත හේරත් මහතා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවද තානාපතිවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන පදවන්නට බැරි වුනත් ලංකාවේ ලැයිසන් ගන්න පුළුවන් කියලා ඉතාලිය දැනගත්තු දවසට වැඩේ හබක් වෙනවා.
අපේ ලයිසන් එක පිළිගන්න රටවල ලයිසන් මේ රටේත් වාහන එළවීම සඳහා පිළිගත යුතුයි.
අපි සංචාරක වීසා මත ජර්මනිය වැනි රටවලට කෙටි කාලීන විසිට් එකක් හෝ පදිංචියට ගියාම මාස 6 දක්වා අපට අපේ ශ්‍රී ලංකික රියැදුරු බලපත භාවිතා කර එහෙ වාහන ධාවනය කරන්න අවසර තිබෙනවා. අපේත් සංචාරක ව්‍යාපාරේ දියුණු කරන්න අවශ්‍ය නම් අවම වශයෙන් සංචාරය සඳහා ලංකාවට එන යුරෝපා සංගමයේ රටවල පුරවැසියන් සඳහා අවම වශයෙන් මාස 3 දක්වා වත් වාහන ධාවනයට අවසර දිය යුතුයි.
ජනාධිපතිතුමනි, අර දුම්රිය ටිකට් වෙන්කර ගැනීමේ වංචාව වැනි ලංකාවට එන විදේශීය සංචාරකයින්ට මෙරට රිය ධාවනය සඳහා තාවකාලික රියදුරු බලපත් ලබාදී විශාල වශයෙන් මුදල් ගසාකන ජාවාරමකුත් තිබෙනවා. TUK TUK රෙන්ට් කියන ආයතනය සංචාරකයින්ට රියැදුරු බලපත් නිකුත් කරන චැනල් එක කුමක්ද කියලා CID දමලා චෙක් කළා නම් නිකම්ම හොයාගන්න පුළුවන්... අර දුම්රිය ටිකට් වෙන් කිරීමේ මාෆියාවට තිත් තිබ්බා වගේ මේ හොරුන්ටත් ෂොට් එක දෙමු... මේකට රජයේ නිලධාරීන් සම්බන්ධය... ලොකු හොරු, මධ්‍යම ප්‍රමාණේ හොරු, පොඩි හොරු අහුවෙන එකා දෙන්නා හරි කොටු කරගනිමු. සියලුදෙනාම එකතුවෙලා..